වර්ෂා අවදානම පහවයාමත් සමඟ මහනුවර මහියංගණය මාර්ගය යළි විවෘත කෙරේ – නදීක දයා බණ්ඩාර

වැසි සහිත අවදානම් තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු මහනුවර මහියංගණය මාර්ගය වාහන ගමනා ගමනය සඳහා (27) රාත්‍රී සිට යළිවිවෘත කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි. ඉකුත් 21 වන දින සිට රාත්‍රී කාලයේදී සම්පූර්ණයෙන් වසා දමා තිබුණු මෙම මාර්ගය ජාතික ගොඩනැගිලි පර්යේෂණය සංවිධානය ලබාදුන් නිර්දේශ මත විවෘත කළ බව ද ඒ මහතා සඳහන් කරයි.
මාර්ගයට පෙරළී තිබුණු ගල් හා පස් මේ වන විට ඉවත් කොට ඇති අතර මාර්ගයේ තත්ත්වය පිළිබඳව තව දුරටත් අධ්‍යයනය කොට වාර්තාවක් ලබාදීමට නියමිතය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හා ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් ඒකකයේ මැදිහත්වීම මත මාර්ගය විවෘත කිරීමේ කටයුතු සිදුවේ.