උතුරෙත් දකු‍ණෙත් එක සමානව ඡන්දය දුන් ජනතාව රජයෙන් අපේක්ෂා කරන්නේ මොනවාද? ජාතික ධිවර සහයෝගීතා ව්‍යෘපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර – මොහොමඩ් ආසික්

 

උතුරෙත් නැගෙනහිරත් දකුණෙත් සියලු   ජනතාව එක සමානව වත්මන් රජයට ඡන්දය ලබා දීම මගින් ඔවුන් රජයෙන් බලාපොරොත්තු වන්නේ ඔවුන්ට බාධාවකින් තොරව සිය  රැකියාව කර ගෙන යාම සඳහා අවස්ථාවලබා ගැනීම  බව ජාතික ධිවර සහයෝගිකා ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර මහතා පවසයි.

ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරය පසුගියදා මීගමුවේ දී පැවැත් වූ  ධිවර වැඩමුළුවකදී ඒ මහතා එලෙස සඳහන් කළේය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ හර්මන් කුමාර මහතාගේ අදහස් මේ.

“ අපේ දේශපාලන ඉතිහාසම ගත්තොත් හුඟක් අවස්ථාවන්වල දකුණේ  ජනතාව එක් පැත්තක් ගනිද්දී උතුරු නැගෙනහිර ජනතාව වෙනත් පැත්තක් ගෙන තිබෙන තත්වයක් තිබුණා.  දකුණේ ජනතාව ජයග්‍රහණය කරා ගෙන යන අපේක්ෂකයාට  ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයාට උතුරු නැගෙනහිර ජනතාව  සහාය දක්වලා තිබෙනවා. 2010 දි දකුණෙ ජනතාව මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවද්දී උතුරු නැගෙනහිර ජනතාව ෆොන්සේකා මහතාගෙ පැත්තේ හිටියා. මහ මැතිවරණවලදිත් එහෙමයි. මේ වගේඅවස්ථා රැසක් අපේ දේශපාලන ඉතිහාසයේ තිබෙනවා. නමත් ඉතිහාසයේ පළමු වතාවට උතුරත් දකුණත් නැගෙනහිරත්(මඩකලපුව හැර) එක සමානව එකම පක්ෂයක් බලයට පත් කරන්න ඡන්දය  මෙවර ලබා දීල තියෙනවා. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඒ අවස්ථාව උදා කර ගෙන තිබෙනවා. දිස්ත්‍රික්ක 17 ක ජීවත්වන ධිවර ජනතාව පළාත් බේදයකින් තොරව විශාල වශයෙන් වත්මන් රජයට ඡන්දය ලබා දුන්නේ කුමක් සඳහාද? ඔවුන් රජයෙන් බලාපොරාත්තු වූයේ කුමක්ද?

මේකෙන් කියවෙන්නේ වත්මන් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන්උ තුරේ ජනතාවටත් නැගෙනහිර ජනතාවටත් දකුණේ ජනතාවටත් විශ්වාසයක්ගොඩනැගිලා තියෙන බවයි. ඒ නිසා මේ අවස්ථාවේදී ඒ විශ්වාසය තහවුරු කිරීමේ ක්‍රියාවලියක් රජය විසින් ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා. දකුණේ ජනතාව විශේෂයෙන් අපේක්ෂා කළා රටේ නීතිය ස්ථාපිත කරලා  දූෂණය වංචාව අවම වෙලා ආර්ථික වශයෙන් තියෙන පීඩාව අඩු තැනකට ගේන්න පුළුවන් වෙයි කියලා.උතුරේ දකුණේ බේදයකින් තොරව ජනතාව හිතුවා ආර්ථිකමය වශයෙන් දියුණුවක් ඇති වෙයි කියලා.

වත්මන් රජය බලයට පත් කිරීම මගින් රුපියල් 50 කට පමණ භූමිතෙල් ගන්න ජනතාවට බලාපොරාත්තුවක් තිබුණා.පෙට්‍රල් ඩීසලුත් ඒ වගේ අඩු මුදලකට ලබා ගන්න ජනතාව තුල බලාපොරොත්තුවක් තිබුණා.උතුරේ ජනතාව තුල බලාපොරොත්තුවක් තියෙන්න ඇති ඔවුන්ගෙන් ලබා ගත් ඉඩම් නැවත තමන්ට ලැබෙයි කියලා. ඒ වගේම ඔවුන්ගේ දරුවන්ට වෙච්ච දේ ගැන යම් තොරතුරුක් ලැබෙයි කියලා.

ඒ වගේම කල්පිටිය,මන්නාරම, කිලිනොච්චිය, යාපනය , මුලතිව්., ත්‍රිකුණාමලය දක්වාම ඉන්න ධීවර පිරිස් හිතන්න ඇති ඉන්දියාවෙන් එන ධිවර ආක්‍රමණය වළක්වා ගන්න අපට පුළුවන් වෙයි කියලා.ජනාධිපතිතුමා මන්නාරමට ගිහින් කියනවා අපි අදානිගේ සුළං විදුලි බලාගාරය නවත්වනවා කියලා. නව ජනාධිපතිතුමා පත් වුණායින් පස්සේ මේ සුළං විදුලි බලාගාරය නවත්වයි කියලා ජනතාව බලාපොරොත්තු වෙන්න ඇති.ත්‍රිකුණාමලයේදී පසුගියදා පැවැති අපේ සාකච්ඡාවකින් පස්සේ අපි ආණ්ඩුකාරවරයාට  කතා කළා.එහිදි ආණ්ඩුකාරවරයාට ධිවර නායකයින් කිව්වා  යුද්ධය ඉවරවෙලා අවුරුදු 15 කට වඩා වෙනවා දැන් යුද්ධයක් නෑ.ඇයි නාවික හමුදාව අපට මුහුදේදි කරදර කරන්නේ කියලා.මේ මිනිස්සු හිතුවා  මේ වෙනස ඇති වෙයි කියලා ඒක ඔවුන් තවමත් බලාපොරාත්තු වෙනවා. උතුර, දකුණ බස්නාහිර නැගෙනහිර  බේදයකින් තොරව හැම ප්‍රදේශයකම ධීවරයින් හිතුවා හානිකර ආම්පන්න සියල්ල නවත්ත ගන්න පුළුවන් වෙයි කියලා.ඔවුන් කිව්ව කතාවක් තමයි මහ මුහුදේදි ඩයිනමයිට් වැටෙන්නේ මෙහේ රතිඤ්ඤ වැටෙනව වගේ මේක නවත්තගන්න ඕන කියලත් ඔවුන් කිව්වා. නීතිය ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් ඔවුන් විශාල බලාපොරොත්තුවකින් හිටියා.

මේ තත්වය තුල නීතිය ක්‍රියාත්මක කර ගැනීම සම්බන්ධයෙන් විශේෂයෙන් අලුත් ධිවර පනත ගැන අපට විශාල බලාපොරොත්තුවක් තිබුණා.හිටපු ධිවර ඇමතිතුමා ගෙනාපු පනත වෙනුවට නව පනතක් ගෙනෙයි කියල  අපේක්ෂාවක්  තිබුණා. නමුත්මේ තුල යම් අවිධිමත්භාවයක් තවමත් පේනවා. ඒ වගේම විධායක ජනාධිපති ක්‍රමයේ යම් කිසි වෙනසක් ඇති වන ව්‍යවස්ථා සංශෝධනයක් ඇති වෙයි කියන විශ්වාසය අප තුල තිබුණා.ඒ නිසා ජනාධිපතිතුමා කෙරෙහි උතුරෙත් දකුණෙත් ජනතාව තිබූ විශ්වාසය තහවුරු කිරීම සඳහා ජනාධිපතිවරයාට ක්‍රියාකරන්න සිද්ධ වෙනවා.මේ රටේ ජනතාවගේ ගැටළු  සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයාට ඉතා හොඳ අවබෝධයක් දැනුමක් තියෙනවා. මොකද අපි ධිවරයින් ගොවින් කම්කරුවන් වෙනුවෙන් කළ සෑම සටනකදීම ඔහු හෝ ඔහුගේ නියෝජිතයෙක් අප සමඟ නිතරම හිට ගත්තා.අපේ දුක්ගැනවිලි ගැන ඔවුන් දන්නවා.අපි කතා කරන කාරණා ඔවුන් යෝජනා හැටියට ඉදිරිපත් කරනවා. එහෙම නම් අපට තියෙන්නේ ඔවුන්ට කියන්න කරුණාකරල ඔබ තුමන්ලා කියපු විදිහටම වැඩ ටිකත් කරන්න කියලා.

උතුරෙත් දකුණෙත් ජනතාවගේ පොදු විශ්වාසය  දිනා ගත් ජනාධිපතිවරයෙක් ලෙස අනුර කුමාර දිසානායක මහතාගෙන් අපි ඉල්ලන්නේ මේ ජනතාවගේ අභිලාශයන්වෙ නුවෙන් වැඩ කරන්න කියලා.

පොතුවිල්වල අරුබම්බේ ජනතාවගේ වෙරළ සම්පුර්ණයෙන ආක්‍රමණය කරල තියෙන්නේ සංචාරක ව්‍යාපාරය. අපි ඉල්ලීමක් කළා අපේ බෝට්ටු ටික දාගන්න මීටර් 10 ක ඉඩක් ලබා දෙන්න කියලා.මේ ඉල්ලන්නේ රටෙන් කොටසක් නෙවෙයි. තමන්ගේ රැකියාව කර ගන්න අවස්ථාවක්.යැයිද ඔහු මෙහිදී  මතක් කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *