රනිල්ගේ ධිවර පනත අනුර ගෙනල්ලා ..හර්මන් කුමාර කියයි

නිසි මහජන අදහස් විමසීමකින් තොරව ගොඩනැගුණ හා ජනතා විරෝධය හේතුවෙන් හකුලා ගත් ධීවර පනතක් නැවත ගෙන ඒමට නව රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් ධීවර ජනතාව මහත් කනස්සල්ලකට පත්ව ඇතැයි ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර මහතා මීගමුව මල්වත්ත පාර පිහිටි එම කාර්යාලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් 06 වෙනි දින පවසන ලදී,
තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය,අලුතින් පත් වූ ධීවර අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයාට පසුගිය කෙටි කාලය තුළ මෙවැනි සවිස්තරාත්මක නව පනතක් කෙටුම්පත් කිරීමට පුළුවන් වූයේ කෙසේදැයි අපට ප්‍රශ්නයක්පවතී,අපගේ විශ්වාසය නම් පසුගිය රජය විසින් මහජන විරෝධය මැද ඉදිරිපත් කළ දෝෂ සහිත කෙටුම්පත ප්‍රජාවගේ අදහස් විමසීමකින් තොරව නැවත ඉදිරිපත් කිරීමට උත්සාහ ගැනීමත් තිබෙන බවයි,මේ තුළින් පුළුල් ධීවර ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීමකින් තොරව නීති සම්පාදනය කිරීමට සැරසෙන බව අපට පෙනී ගොස් ඇත,කිසියම් නව නවනීති සම්පාදනයක් හඳුන්වාදීමට පෙර මෙම තීරණාත්මක ප්‍රතිපත්ති රාමුව නැවත සමාලෝචනය කර සම්පූර්ණ කළ යුතු යැයි අපේ පිළිගැනීමයි,
පූර්ණ මහජන උපදේශණයක් සහ පාර්ශකරුවන්ගේ මැදහත්වීමකින් තොරව ගොඩනැගෙන ඕනෑම ධීවර නීතියක් ප්‍රතික්ෂේප කිරීම ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේදී ප්‍රාදේශීය සහ පළාත් මට්ටමින් ධීවර ප්‍රජාවන් සහ අනෙකුත් ප්‍රධාන පාර්ශ්වකරුවන් සමග පූර්ණ වශයෙන් සම්බන්ධ කර ගැනීම අපගේ ඉල්ලීම් අතර ප්‍රධාන වෙනවා,යෝජිත ප්‍රතිසංස්කරණ මගින් බලපෑමකට ලක්වන සියලු ජනතාව ඒකරාශී කර දැනුවත් කිරීමෙන් අනතුරුව රජයට මේ සම්බන්ධව දැඩි ලෙස ඉදිරියේදී කරුණු දැක්වීමේ වෑයමක අප නිරත වෙමින් සිටින බවද දැන්වීමට කැමතිය.