ඇමරිකානුවන් පිරිසක්  තම වියදමෙන් හා ශ්‍රමයෙන්හැටන්  පාසලක්‌  වර්ණවත් කරයි -චන්දන ජයවීර  හැටන්

ඇමරිකා එක්සත් ජනපදයේ “විෂ් කොලිෂින්” විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක්  ලොව පුරා සෞඛ්‍ය ,ජන ජීවිතය, ආහාර පුරුදු හා සංස්කෘතිය පිළිබද අධ්‍යායනය කරමින් යන අතර වාරයේ මේ දිනවල මෙරටට පැමිණ තිබේ.

ඒ අනුව කදුකරයේ ග්‍රාමීය ජනාවාස වල සෞඛ්‍ය තත්ත්වය,පුරුදු මෙන්ම ආහාර සංස්කෘතිය,සමාජ හා ජනතා ආකල්ප මෙන්ම අධ්‍යාපනය පිළිබදව අධ්‍යාපනය කිරිම සදහා හැටන් – කලවැල්දෙණිය ගම්මානයේ දින තුනක කාලයක් රැදි සිටින ලදි.

මෙහිදි ග්‍රාමීය ජනතාවගේ නිවාස වලම රැදි සිටිමින් මෙම තරුණ තරුණියෝ පිරිස ගම්වැසියන් සමග සුහදව කරයුතු කල අතර ඔවුන් විසින් අනුග්‍රහය දක්වමින් පොදු කටයුතු රැසකට දායක විය.

මෙහිදි හැටන් කලාපයට අයත් කලවැල්දෙණිය විද්‍යාලයේ අව පැහැ ගැන්වී තිබු  ප්‍රධාන ශාලාවේ බිත්ති තීනිත ආලේප කර අලංකාර කිරිම ,අබලන්ව කැඩි බිදි ගොස් තිබු එම විද්‍යාලයේ පානීය ජල නල පද්ධතිය නවීකරණය කිරිම , හා විද්‍යාලය භුමිය පරිශ්‍රය පවිත්‍ර කිරිම ග්‍රාමීය ජනතාව සමග එක්ව ශ්‍රමදානයෙන් සිදු කරන ලදී.

මේ අතර දී ක්‍රිඩා හා ආගමික කටයුතු මෙන්ම ගම ප්‍රාදේශයේ සුන්දර ස්ථාන නැරඹිමද ඊට ඇතුලත් විය.

සර්වෝධය ප්‍රධාන කාර්යාලය විසින් සංවිධානය කල මෙම තරුණ කදවුර සදහා සත්කාරක දායකත්වය කලවැල්දෙණිය  ශ්‍රමදාන සමිතිය විසින් සපයන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *