කඳුකරයේ හින්දු බැතිමතුන් තෛයිපොංගල් දිනය සමරති.සුර්ය වන්දනාව  -චන්දන ජයවීර  හැටන්

 

 

හින්දු සංස්කෘතියට අනුව  හින්දු දින දර්ශනයේ  වසරේ පළමු දිනය අදට (14) යෙදි තිබේ.එම දිනය තෛයිපොංගල් හෙවත් සුරිය පොංගල් දිනය ලෙසින් හදුන්වන අතර මෙම  මාසය තෛයි මාසය ලෙසින් ද හදුන්වයී.

 

එමෙන්ම සුර්ය නමස්කාරය කරමින් පසුගිය වසරේ ගොවිතැන් .වගාව සරුසාර කර ගැනීමට සහයෝගය දිම නිමිත්තෙන්  කෘත ගුණ දැක්වීමක් ලෙස සුර්යාට වැද නමස්කාර කරමින් අළුත් සහලෙන් පිසු කිරිබත් පුජා කරති.එම බත් පොංගල් බත් ලෙස හදුන්වයී.එමෙන්ම එම දිනය ඔවුන් උත්සවාකාරයෙන් සමරයි.

 

ඒ අනුව මධ්‍යම කඳුකරයේ ප්‍රධාන තෛයිපොංගල් පුජාව හැටන් ශ්‍රි මානික්ක පිලෛයාර් කොවිලේ දී පැවැත් විය.එහි ප්‍රධාන පුජක පුර්ණ ශ්‍රී  චන්ද්‍රානන්දන් ශර්මා කුරුක්කල් වරයාගෙ ප්‍රධානත්වයෙන් පැවැත් වුහ.

 

අද පෙ.ව 5.30 ට පමණ පොංගල් බත පිසිම ආරම්භ කල අතර සුර්ය උදාවත් සමග පොංගල් බත් පුජා කරමින් සුර්ය වන්දනාව කරන ලදී.

 

ඒ අවස්ථාවට සහබාගී වු හින්දු බැතිමතුන් උදෑසනින්ම අවදිවී ස්නානය කර පිරිසිදු වී අළුත් ඇදුම් පැලදුම් වලින් සැරසී පැමිණ සිටියහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *