විභාග කේන්ද්‍ර කොට ගත් අධ්‍යාපනයට වඩා දහම් අධ්‍යාපනය කරා යොමුවීම කාලෝචිත යැයි අස්ගිරි මහ නා හිමි මහනුවරදී කියයි. – නදීක දයා බණ්ඩාර

විභාග ඉලක්ක කර ගත් අධ්‍යාපන ක්‍රමය මෙන්ම ආධ්‍යත්මිකත්වය මුල් කර ගත් දහම් අධ්‍යාපනය කරා දරුවන් යොමු කිරීම කාලෝචිත යැයි අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමි පවසයි.
දහම් පාසල් අධ්‍යාපනයට යොමුවන දරුවන් විභාග ජය ගැනීම මෙන්ම සිය පෞද්ගලික ජීවිතය සාර්ථක කර ගන්නා බව ද උන් වහන්සේ සඳහන් කළහ.
දහම් පාසල සිසු නිපුණතා තරඟාවලියේ ජය ලැබූ මහනුවර දිස්ත්‍රික්කයේ දූ දරුවන් සඳහා ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරිම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී ඊයේ (05) පැවැති අතර එම අවස්ථාවට ප්‍රධන ආරාධිතයා වශයෙන් සහභාගීවූ මහා නායක හිමියන් එහිදී මේ බව සඳහන් කළේය.
2024 වර්ෂයට අදාලව පැවැති මෙම තරඟයේදී තරඟකරුවන් 1400ක් අතරින් විශිෂ්ඨ කුසලතා දැක්වූ මහනුවර දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක බල මණ්ඩලවල දහම් පාසල් දරු දැරියන් මෙහිදී සහතිත පත් සහ ත්‍යාග ලබා ගත්තෝය.
උත්සව සභාව අමතමින් අනුශාසනා කථාව පැවැත්වූ මහා නායක හිමියන්, දරුවන් විභාග ජය ලැබීම අරමුණු කර ගනිමින් අධ්‍යාපනය කරා යොමු කළත් ඔවුන්ගේ සාරධර්ම දියුණු කිරීම වර්තමාන සමාජයේ වඩා වැදගත් වී ඇතැයි ද පෙන්වා දුන්නේය. දහම් අධ්‍යාපනය නොමැති වීම හේතුවෙන් සමාජයේ අපරාධ ඉහළ යාමේ ප්‍රවණතාවයක් දැකිය හැකි යැයි ද උන් වහන්සේ සඳහන් කළේය.
දිවා ආහාර වේල ලබාදීමට නොහැකි ගැටලු හේතුවෙන් ඇතැම් දෙමාපියන් සිය දරුවන් දහම් පාසල් එවීමට පියවර නොගන්නා බවත් එවැනි දහම් පාසල් සඳහා දිවා ආහාර ලබාදීමට පියවර ගැනීම මගින් පැමිණීමේ ප්‍රතිශතය ඉහළ ගිය බව ද මහා නායක හිමියන් පැවසූහ.
රජයකට හෝ ශාසනාරක්ෂක බල මණ්ඩලයට ඒ වෙනුවෙන් පිරිවැය දැරීම අපහසු වන බැවින් ප්‍රාදේශීයව දානපතියන්ගේ උපකාර ලබා ගනිමින් දහම් පාසල දූදරුවන් සඳහා දිවා ආහාර වේලක් ලබාදීම සුදුසු බව ද අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් තව දුරටත් සඳහන් කළේය.
අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි, මහනුවර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක පූජ්‍ය අංකුඹුරේ ප්‍රේමවංශ හිමි ඇතුලු මහා සංඝරත්නය ද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමවංශ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, ශ්‍රී ලංකා යුද හමුදාවේ ආරක්ෂ සේනා ආඥාපති (බටහිර) මේජර් ජනරාල් ලංකා අමරපාල යන මහත්වරු ඇතුලු නිලධාරීන්ද දහම් පාසල් දරු දැරියන් හා ආචාර්යය මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගීව සිටියහ.