රාජ්‍ය නිලධාරින්ගේ උත්සව අත්තිකාරම් මුදල 40,000 දක්වා වැඩි කරන්න රාජ්‍ය නිලධාරින්ගේ වෘත්තිය සමිති සම්මේලනය ඉල්ලයි -මොහොමඩ් ආසික්

රාජ්‍ය නිලධාරින් සඳහා ලබා දෙනු ලබන රුපියල් 10,000 ක උත්සව අත්තිකාරම් මුදල මෙවර අවම වශයෙන් රුපියල් 40,000 දක්වා හෝ වැඩි කරන ලෙස ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරින්ගේ වෘත්තිය සමිති සම්මේලයේ සභාපති සුමිත්  කොඩිකාර මහතා  රජයෙන් ඉල්ලා  සිටියි.

මේ සම්බන්ධයෙන් රජයෙන් ලිඛිතව ඉල්ලන බව කියන ඔහු මේ වන විට පවතින ජීවන වියදම් තත්වයත් සමඟ රුපියල් 10,000 ක් වැනි මුදලකින් කිසිවක් කළ නොහැකි බවත් මෙවර උත්සව අත්තිකාරම් වශයෙන් රාජ්‍ය නිලධාරින් සඳහා අවම වශයෙන්  රුපියල් 40,000 ක් වත් ලබා දිය යුත් බවත් කීය.

එවගේම රජය මගින් පාසැල් සිසුන්ට ලබා දීමට යෝජනා කර ඇති රුපියල් 6,000 ක දීමනාව රාජ්‍ය නිලධාරින්ද ඇතුළුව සියලු සිසුන්ට කිසිදු බේදයකින් තොරව ලබා දෙන  ලෙසත් ඔහු ඉල්ලා සිටියි.  පාසැල් සිසුන් සියලු දෙනාට නිල ඇඳුම් සහ පෙළ පොත් ලබා දෙන්නා සේ මෙම මුදලද සියලුසිසුන්ට ලබා දෙන ලෙසත් ඔහු ජනාධිපතිවරයා ඇතුළු රජයෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *