මහජන ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවෙන් වැඩසටහන් රැසක් – නදීක දයා බණ්ඩාර

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව මහජන ආරක්ෂාව වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් දියත් කරන බව නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක එම වැඩසටහන යටතේ පරිසර සුරක්ෂිතතාව සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීම ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉල්ක්කයක් වී ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.
මහනුවරට පැමිණි නව යුද හමුදාපතිවරයා අද (04) ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගත් අතර අනතරුව මල්වතු මහා විහාරට පැමිණ එහිදී මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඒ මහතා, ශ්‍රී ලංකා යුද හමුදාවේ පුහුණුවීම් හා බඳවා ගැනිමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවත් යුද්ධයක් නොමැති වුවත් ස්වාභාවික ආපදා ආදියේදී යුද හමුදාවේ දායකත්වය ලබා දෙන බව ද කීවේය.
දේශයේ මුරදේවතාවන් වැනි යුද හමුදාව ඕනෑම අවස්ථාවක සේවය කිරීමට සූදානම් බව කී ඒ මහතා ඒ වෙනුවෙන් යුද හමුදාව සෑම විටම පුහුණුවෙන් යුක්ත වී ඇතැයි ද තව දුරටත් සඳහන් කළේය.