අටාල අනතුරකින් ගුරුවරියක් ජිවිතක්ෂයට – කෑගල්ල වාර්තාකරු

කෑගල්ල ,අවිස්සාවේල්ල මාර්ගයේ අටාල ප්‍රදේයේ සිදු වූ වෑන් රථ හා ත්‍රීරෝද රථ අනතුරකින් කාන්තාවක් මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පිංදෙණිය පොලීසිය පවසයි.අනතුරින්  මිය ගොස් ඇත්තේ අම්පේ ආදර්ශ විදුහලේ ගුරුවරියෙකු වන අටාල ප්‍රදේශයේ පදිංචි අනුෂා ජයසේකර (52) යන අයයි  ඊයේ 01  සවස ත්‍රීරෝද රථයකින් අටාල ප්‍රදේශයේ සිට පිංදෙණිය බලා  ගමන් කර ඇති අතර එහි දී ප්‍රති විරුද්ධ දිසාවෙන් පැමිනි වෑන් රථයක් ත්‍රීරෝද රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී  ඇත . අනතුර සිදුවන අවස්ථාවේ අගේ දරු දෙදෙනාද ත්‍රිරෝද රථයේ සිට තිබේ

අනතුරින් පසු  අදාල කාන්තාව තොරණගහපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව ඇය මිය ගොස් තිබෙ.මේ වනවිට ඇගේ දේහය කෑගල්ල මහ රෝහලේ ඇති අතර 2 වන දින පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීමට නියමිතය.තුවාල ලැබූ මියගිය අයගේ දුව හා පුතා ද මේ වනවිට කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකර ලබති.වෑන් රථයේ රියදුරු ද කරවනැල්ල රෝහලේ ප්‍රතිකාර
ලබයි.සිද්ධිය පිලිබදව වැඩිදුර පරික්ෂණ පිංදෙණිය පොලීසිය පවසත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *