මහනුවර පොහෙර අවශ්‍යතාව සම්පූර්ණ කොට ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාලය කියයි. = නදීක දයා බණ්ඩාර

මෙවර මහ කන්නයේ මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පොහොර අවශ්‍යතාව මේ වන විට සම්පූර්ණ කොට ඇතැයි ජාතික පොහොර මහ ලේකම් කාර්යාලය පවසයි.
හෙක්ටයාර් 11 791ක වපසරියක මෙම කන්නයේදී වී වගා කරන බවත් ඒ සියලු ගොවිබිම් කරා මේ වන විට පොහොර සම්පාදනය කොට ඇතැයි එම මහ ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ්ලියු.එම්.ඩබ්ලියු.ජී. ආනන්ද මහතා පැවසුවේය.
මහනුවර දිස්ත්‍රික්කයේ වී වගාව සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් 2710ක් සම්පාදනය කොට ඇතැයි පැවසූ ඒ මහතා TSP පොහොර මෙට්‍රික් ටොන් 734ක් ද MOP පොහොර මෙට්‍රික් ටොන් 975ක් සම්පාදනය කරමින් පවතින බව ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙවර මහ කන්නයේ පොහොර අවශ්‍යතාව අනුව ඇණවුම් කළ පොහාර තොග මේ වන විට 45ක් වන ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය මධ්‍යස්ථාන වෙත ලබාදී ඇති බව ද ඒ මහතා කීවේය.
රාජ්‍ය පොහොර සමාගම ඇතුලුව මහනුවර දිස්ත්‍රික්කයේ පොහාර සැපයීම සඳහා ආයතන 11ක් ඉදිරිපත්වී ඇති බව ද ඔහු කීය.
මීට අමතරව එළවළු, අතිරේක භෝග, පොල්, තේ, රබර්, සුළු අපනයන බෝග සහ පළතුරු සඳහා ද අවශ්‍ය පොහොර තොග සම්පාදනය කොට ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ්ලියු.එම්.ඩබ්ලියු.ජී. ආනන්ද මහතා තව දුරටත් සඳහන් කළේය.