ජනපති සහෝදරයාටත් පාඩමක් ඉගැන්වූ හලාවත පොලිසිය – ප්‍රසාද් පුර්ණමාල්

 

 

හලාවත නගරයේ එල්ලා තිබු හා අලවා තිබු සියලු පෝස්ටර් කටවුට් ඉවත් කිරීමට හලාවත මුලස්ඨාන පොලිසියේ නිලධාරීන් ඊයේ (13 ) පියවර ගන්නා ලදී . මෙහිදී
ට්‍රාන්ස්පේරන්සි ශ්‍රී ලංකා ආයතනයේ මැතිවරණ නිරීක්ෂකයන් විසින් හලාවත ධිවර වෙළද පොළ ඉදිරිපිට ජනාධිපතිවරයාගේ රුව සහිත පුවරුවක් එල්ලා ඇති බව ට
කල පැමිණිල්ලකට අනුව එම පුවරුව පොලිස් නිලධාරීන් විසින් ඉවත් කිරීමට ද පියවර ගන්නා ලදී .

ජනාධිපතිවරයාගේ රුව සහිත පුවරුවක් ඉවත් කිරීමට පොලිසිය ක්‍රියා කිරීම පිලිබදව එම ස්ථානයට පැමිණි ජනතාව පොලිසියට ස්තුතිය පල කරන ලදී . එහිදී ජනතාව කියා
සිටියේ වෙනත් මහා මැතිවරණ වලදී එවකට සිටි ජනාධිපතිවරයාගේ රුව සහිත පුවරු විශාල ප්‍රමාණයක් දක්නට ලැබුනත් මෙවර එවැනි තත්වයක් දක්නට නොමැති බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *