ගුවනට අහිමි කර ඇති ජන්දය – චාන්දනී දිසානායක

” ඡන්දයක් තියෙන දවසට අපි මව්බිම සමග කිසිම සම්බන්ධයක් නැතිව උඩුගුවනේ සිටිද්දි දැනෙන්නේ , අපි ශ්‍රී ලංකාවට අයිති නැද්ද කියලයි . නමුත් , රටවල් අතර සම්බන්ධතා ඇති කරමින් රටේ ගෞරවය රැගෙන යන්නට සෑම විටම අපි උත්සාහ කරනවා . එසේ කරන අපිට ශ්‍රී ලාංකිකයන් විදිහට ගෞරවය නොලැබෙන එක අවස්ථාවක් විදිහටයි ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව අහිමිවීම දකින්නේ …….”
සමබිමක සම අයිතිය …?
සමබිමක හිමිකාරීත්වය කාට හෝ සිහිනයක් වන්නේ නම් , ඒ සමාජය තුළ ප්රජාතන්ත්රවාදය කොතනද යන්න පිළිබඳව ගැටළුවක් තිබේ .
ප්රජාතන්ත්රවාදී රටක් වූ ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලයට ව්‍යවස්ථාමය තීරණ ගත හැකි සරල කාරණා වුවද නොසලකා හැරීමෙන් පීඩාවට පත්වන ප්‍රජාවන් විවිධ සේවා ස්ථානවලදිත් , විවිධ ජන කණ්ඩායම්වලදීත් හමුවේ . සම අයිතිය අහිමිවන ඔවුන් ආන්තිකරණයට ලක්වූවන් ලෙස සැලකේ .
විශේෂයෙන්ම ඡන්ද විමසුමක් පවතින අවස්ථාවක සියයට 20 ක් වැනි පිරිසක් සෑම මැතිවරණයකදීම ඡන්දය භාවිතා නොකරති . ඊට හේතුව ඡන්දය භාවිතා කිරීම සඳහා ඔවුන්ට හසුවෙන් ප්‍රවේශ විය හැකි අවස්ථා රජය මගින් සලසා නොතිබීමයි .
ඡන්දය භාවිතා කිරීමට සමාන අවස්ථා නොලැබෙන්නේ කාටද ?
එදිනෙදා දෛනික කටයුතුවල
සේවය කරන්නන් . විශේෂයෙන්ම ධීවරයින් , රෝහල් සේවකයින් , නැව් සහ නාවික කටයුතුවල නිරත වන්නන් , විදෙස්ගත වුවන් , ගුවන් සේවයේ නිරතවන්නන් , වැනි අය මෙන්ම ,
කුමන හෝ බලපෑම් මත භික්ෂුණීන් වහන්සේලාට , වසර දෙකකට අඩු කාලයක් වරදකරුවන් ලෙස සිරගතවූවන් සහ බන්ධනාගාර ගත වූවන් , දෛනික ප්‍රතිකාර ලබන රෝගීන් , දූපත් වාසීන් , වැනි අයට ඡන්දය භාවිතා කිරීමේ ප්‍රවේශ පහසුකම ලබා දෙන්නට මෙතෙක් පැවති රජයන්ට හෝ මැතිවරණ කොමිෂන් සභාවට හැකියාවක් ලැබී නැත .
ඡන්දය භාවිතා කිරීමට සමාන අවස්ථා නොලැබෙන අර්ධ රාජ්‍ය ආයතන අතර ගුවන් සේවකයින්ට ඡන්දය භාවිතා කිරීමට ඇති ප්‍රවේශ අවස්ථා නොලැබෙන සංඛ්‍යාව දහසකට වැඩියි.
ශ්‍රී ලංකා ගුවන් සේවයේ සුභ සාධන සංගමයේ ප්‍රථම සභාපති වරයා වූ රන්ජන් ඩයස් ජයසිංහ 2015 වසරේ විශ්‍රාම ලබද්දි , ප්‍රධාන ගුවන් සේවක කළමනාකාරවරයෙකු ලෙස කටයුතු කළේය . වසර හතලිහක පමණ සේවා කාලය තුළදී පැවති මැතිවරණ 20 කට පමණ මුහුණ දී ඇති රන්ජන් මහතා ඡන්දය භාවිතා කර ඇත්තේ ,මැතිවරණ දෙකකදී පමණි . ඒ මැතිවරණ දෙක සඳහාද ඔහු ඡන්දය භාවිතා කොට ඇත්තේ එදින සේවයෙන් නිවාඩු ලබා ලංකාවේ නතර වී සිටි නිසාය.
ඒ පිළිබඳව රන්ජන් ඩයස් මහතාගේ අදහස වූයේ මෙවැන්නකි ,
” රටේ මැතිවරණයක් තියෙන දවස් වලට ගොඩක් දුරට එක්කෝ මම ඉඳලා තියෙන්නේ මහ පොළොවෙන් අඩි දහස් ගණනක උඩ . එහෙම නැත්නම් මේ මහ පොළොවේ නෙවෙයි , වෙනත් රටක ගොඩබැහැලා . නමුත් අපි වැඩ කරේ අපේ රටට . ඡන්දය කියන්නේ අපි අයිතියක් . ඒක ව්‍යවස්ථාවෙන් විතරක් ලැබිලා මදි . අපි වගේ සේවය කරන අයට ඡන්දය භාවිතා කිරීමට අවස්ථාවක් සලසා දිය යුතුයි . මොකද අපි කැමති කෙනෙක් ජනතා නියෝජිතයන් ලෙස පත්කරද්දි අපේ කැමැත්ත නැතුවයි මෙතෙක් පත් වූ හැමදෙනෙක්ම පත්වෙලා තියෙන්නේ . එතකොට පැවති මැතිවරණ සාධාරණ ව පවත්වා තියෙනවාද කියලා ගැටලුවක් තියෙනවා නේද ?
කැබින් කෲ sosity එක ආරම්භ කරන්න මූලිකත්වය අරගෙන මම එහි සභාපතිවරයා වුණා . Air cyclone කාලේ කැබින් කෲ එකේ මම වැඩ කළා . ඊට පස්සේ ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිවරයා එයා ලංකා ගුවන් සේවය පටන් ගනිද්දී මගේ ලියාපදිංචි අංකය වුණේ 0088 . ඒ කාලෙ ගුවන් සේවයේ හිටියෙ 200 ට අඩු පිරිසක් . දැන් 1200 වැඩි පිරිසක් ඉන්නවා. නමුත් 2015 විශ්‍රාම යනකම් අපට බැරි වුණා ගුවන් සේවයේ නිරත වන්නන්ට ඡන්දය භාවිතා කරන්න අවස්ථාවක් සලසා දෙන්න .
ගුවන් සේවයේ නිරත වන්නන් දහසකට වැඩියි . අපි ඒ අය සඳහා තැපැල් ඡන්දය භාවිතා කරන්න අවස්ථාවක් සලසා දෙන්න කියලා හිටපූ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලීම් කළා .ඒත් අපි ගැන සැලකුවේ නැ . වී ඇයි පී ගුවන් යානයේ ජනාධිපතිවරුන් රැගෙන යාමේ ගුවන් සේවා කළමනාකරුවෙකු ලෙස වසර ගණනාවක් වැඩ කළා . ජනාධිපතිවරු කීපදෙනෙක් ඇමතිවරු ගණනාවක් එහෙ මෙහෙ රැගෙන ගියා . ඔවුන් ආරක්ෂා කිරීම මෙන්ම ඔවුන්ට සේවය කිරීම උපරිමෙන් කළා . ඒවගේම දෙස් විදෙස් මඟින් දස දහස් ගණනක් එහෙ මෙහෙ රැගෙන යන්නට මගේ සේවය උපරිමෙන් කළා . මම වගේම දහස් ගණනක් ගුවන් සේවක සේවිකාවන් ඒ සේවය කරනවා . මහ පොළොවෙන් ගුවන් ගත වූවාට පසු ඔය සෑම කෙනෙකු ම විශ්වාසයේ තබාගෙන යන්නේ ගුවන් සේවයේ නිරත වන්නන් පිළිබඳවයි . එහෙත් , අපි පිළිබඳව අපේ ඡන්ද අයිතිය පිළිබඳව කතා කරන්න අවස්ථාවක් සලසා දෙන්න කිසිවෙක් සමත් වෙලා නෑ . ”
ඒ ඔහුගේ අදහසයි.
සමානාත්මතාවය සහ හිමිකම පිළිබඳව කතා කරන ගැටලු අතර ඡන්දය භාවිතා කිරීමේ සම අවස්ථා අහිමි වීම පිළිබඳව විවිධ අය විවිධ අදහස් දරති .
ගුවන් සේවයේ නිරතවෙන්නන් අතර , ගුවන් සේවිකාවන් කිහිප දෙනෙකුම කියා සිටියේ , අපේ රටෙන් අපට නොලැබෙන ගොඩක් අවස්ථා අහිමි වෙද්දි , අපිට හිතෙන්නේ අපි මේ රටේ පුද්ගලයන් නෙවෙයිද කියලයි . විශේෂයෙන්ම ඡන්දයක් තියෙන දවසට අපේ මව්බිම සමග කිසිම සම්බන්ධයක් නොමැතිව ගුවන් ගතව සිටිද්දි දැනෙන්නේ , අපි ශ්‍රී ලංකාවට අයිති නැද්ද කියලයි . නමුත් , ඒ ඒ රටවල් අතර සහ සම්බන්ධතා ඇති කරමින් අපේ රටේ ගෞරවය රැගෙන යන්නට අපි සෑම විටම උත්සාහ කරනවා . ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට ඒ ගෞරවය නොලැබෙන එක අවස්ථාවක් විදිහටයි අපිට ඡන්දය භාවිතා කිරීමට හැකියාවන් නැති අවස්ථාව දකින්නේ . යැයි නම සඳහන් නොකළ ගුවන් සේවිකාවක් කියා සිටියාය.
එක මොහොතක ගුවන් ගතවන ගුවන් යානයක සේවකයින් කී දෙනෙකුට ඡන්දය භාවිතා කිරීමට හැකියාවක් නැද්ද ?
සෑම ගුවන් යානයකම කැප්ටන් කෙනෙකු සමඟ පළවෙනි පංතියේ නිලධාරියෙක් මෙන්ම ගුවන් නියමුවන් තුන් දෙනෙකු සිටි .
දුර ගමන් ගුවන් යානයක කැප්ටන් තිදෙනෙකු සිටී . ඒ අතර class 1 officesler කෙනෙක් ඇතුළුව සේවකයින් දොළොස් දෙනෙකු සේවය කරයි . සෑම ගුවන් යානයකම අවම වශයෙන් සේවකයින් අට දෙනෙකුවත් එක් ගුවන් යානයක සේවයේ නිරත වෙයි . දිනපතා ගුවන් යානා අටක් පමණ ගුවන් ගතවුවද ඊට දින කිහිපයකට පෙර ගුවන්ගත වූ සහ සති ගණන් රටින් පිට ඉන්න ගුවන් සේවකයන් ඇතුළු සමස්ත ගුවන් සේවයේම නිරත සේවක සංඛ්‍යාව හය දහසක් පමණ වේ . මේ අය පිළිබඳව මෙතෙක් අවධානයට ලක් නොවීම පිළිබඳ ගුවන් සේවකයන්ට ඇත්තේ කණගාටුවකි .
දේශපාලන විශ්ලේෂකවරයකු සහ මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ දිසානායක එම් දසනායක මහතා ගේ අදහස
අපේ රටේ ඡන්ද අයිතිය ආරක්ෂා කළ යුතු අංශ ගණනාවක් තියෙනවා .
මෙතනදී අපි නිරන්තරයෙන්ම කතා කරන තව කාණ්ඩයක් තමයි භික්ෂුණීන් වහන්සේලාගේ ඡන්ද අයිතිය . ඒ අයගේ ඡන්ද අයිතිය අහිමි වී නෑ . බෞද්ධ පදනම මත ඔවුන්ට ලබා දෙන හැඳුනුම්පත පදනම් කරගෙන භික්ෂුණීන් වහන්සේලා ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳ ගැටලුව තාමත් විසඳිලා නෑ .
ඊට වඩා ඡන්දය ප්‍රකාශ නොවන තවත් එක අංශයක් තමයි ගුවන් සේවාවල සහ ගුවන් තොටුපළ සේවකයන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා නොවීම . ඔවුන් අනිවාර්යයෙන්ම එදිනෙදා ඔවුන්ගේ රාජකාරිවල නිරත විය යුතුයි . නමුත් ඔවුන්ගේ ඡන්දය භාවිත කිරීමට තරම් අපේ රටේ ්රමවේදයක් සකස් වෙලා නෑ . ඒ නිසා අපේ රටේ ” ඇඩ්වාන්ස් වෝටින් ” ක්‍රමවේදය සකස් විය යුතුයි . මොකද රටින් බැහැර වෙන සහ බැහැර වී සිටින මේ හැමෝගෙම ඡන්ද අයිතිය ආරක්ෂා කළ යුතුයි . ඇත්තටම ඔවුන්ගේ චන්ද අයිතිය ලබාදීමේ හැකියාව නීත්‍යානුකූලව සිදු විය යුතුයි. එහෙම වුනොත් ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය වැඩි කරගන්න පුළුවන් .
මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක
සමබිමක සිහින දකින ජනතාව අතර ඒ ඒ පාර්ශවයන්ට නොලැබෙන විවිධ දේ අතර ඡන්ද හිමිකම ප්‍රකාශ කිරීමේ අවස්ථා අහිමිවීම රටක යහපත් ප්‍රවණතාවක් නොවන බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසයි . ඉදිරියේදී නව පනතකින් හෝ සම අවස්ථා ඒ ඒ පුද්ගලයාට ලැබිය යුතු බව අපගේ ද අදහසයි .