ගම්පහ සජබ අපේක්‍ෂකයෙකුගේ අවසන් උත්සාහය සුං වෙයි

2024 පාර්ලිමේන්තු මැතිවරණය -නිහඩ කාලපරිච්ඡේදය තුළ සංවිධානය කළ විශේෂ මාධ්‍ය හමුවක්  ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ මැදිහත්වීම මත අත්හිටුවනු ලැබිණි.

අද, නොවැම්බර් 13වන දින, 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ නිහඩ කාලසීමාවේ අවසන් හෝරා කිහිපය අවභාවිතා කරමින් වේයන්ගොඩ තල්ගස්මොටේ ප්‍රදේශයේ දී , ගම්පහ දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය දේශපාලන පක්‍ෂයෙන් තරග කරන අපේක්‍ෂකයෙකු වන සුප්‍රකට ටියුෂන් ග-ුරුවරයෙකු වූ මෙන් ම සමගි ජනබලවේගය පක්‍ෂයේ (සජබ) මීරිගම සංවිධායක ප්‍රසාද් සිරිවර්ධන යන අය සහභාගීවන්නට සැළසුම්කර තිබූ විශේෂ මාධ්‍ය හමුවක් අද දහවල දී වේයන්ගොඩ පොලීසිය විසින් නවත්වනු ලැබූ බව ගමිපහා මැතිවරණ පැමිණිළි කාර්යාලය සඳහන් කළේය.

මෙකී නිහඩ කාලපරිච්ඡේදය තුළ කුමන හෝ මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවන් තුළ නිරත වීම මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක් මෙන් ම ඡන්දදායකයින්ගේ නිදහස් කැමැත්ත අවභාවිතා කිරිීමක් බැවින්, එකී මාධ්‍ය හමුව පිළිබඳව ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් ගම්පහ මැතිවරණ කාර්යාලයේ පැමිණිළි අංශයට වාර්තා කළේය.

සජබ අපේක්‍ෂකයා ඇතුලු ප්‍රවර්ධකයින් විසින් නිහඩ කාලය තුළදී ගනු ලැබූ නීතියට පටහැනි එම උත්සාහය, ගම්පහ මැතිවරණ පැමිණිළි කාර්යාලය සහ වේයන්ගොඩ පොලීසිය එක්ව නිශ්ප්‍රභා කළේය.

වේයන්ගොඩ තල්ගස්මොටේ, එකී අපේක්‍ෂකයාගේ මෙහෙයුම් කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබූ එම විශේෂ මාධ්‍ය හමුව විසුරුවා හැරී වේයන්ගොඩ පොලීසිය විසින් අදාළ පාර්ශවයන්ගෙන් කරුණු සටහන් කරගත් අවස්ථාව ඡායාරූපයේ දැක්වේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *