නාම යෝජනා භාර ගැනීම ඇතුලු මැතිවරණ ක්‍රියාවලිය වෙනුවෙන් ප්‍රමාණවත් ආරක්ෂාව යොදා ඇතැයි තේරීම්භාර නිලධාරී පවසයි. – නදීක දයා බණ්ඩාර

නාම යෝජනා භාර ගැනීම ඇතුලු මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ ක්‍රියාවලිය වෙනුවෙන් ප්‍රමාණවත් ආරක්ෂාවක් යොදවා ඇතැයි මහනුවර තේරීම්භාර නිලධාරී දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසයි.
මධ්‍යම ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කොට අද සිට එම නිලධාරීන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශය වෙත අනුයුක්ත කළ බව ද තේරීම්භාර නිලධාරීවරයා තව දුරටත් සඳහන් කළේය.
ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර දිස්ත්‍රික්කයේ නාම යෝජනා භාර ගැනීම සම්බන්ධව දැනුවත් කිරීම නිමිත්තෙන් අද (04) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සහ මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය සඳහා අවශ්‍ය ආරක්ෂාව මේ වන විට යොදවා ඇතැයි කී ඒ මහතා මැතිවරණ සමයේදී පොල්ගොල්ල ආශ්‍රිතව සිදුවන රාජකාරී කටයුතු සම්බන්ධීකරණය ආරම්භ කොට ඇතැයි ද සඳහන් කළේය.
මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් එකළොස්ලක්ෂ අනූඑක්දහස් තුන්සිය අනූනමයක් ( 1, 191, 399) මෙවර මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති බවත් ඡන්ද මධ්‍යස්ථාන 890ක් මහනුවර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන බවත් තේරීම් භාර නිලධාරීවරයා කීවේය.
ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන ප්‍රමාණය මෙවර මහ මැතිවරණයේදි ඉහළ යන බව කී ඒ මහතා එහි මූලික සම්බන්ධීකරණ කටයුතු මේ වන විටත් දියත් කොට ඇතැයි තව දුරටත් සඳහන් කළේය.