නව ජනපති දළදා සමිදුන් වැද පුදා ගනී. නදීක දයා බණ්ඩාර – මහනුවර

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරට පැමිණ ශ්‍රී දළදා මාලිගාවේදී අද (23) පෙරවරුවේ දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගත්තේය.

නව  ජනාධිපතිවරයෙකුට සිදුකරන සාම්ප්‍රදායික චාරිත්‍ර අනුව රතු පලස මතින් කැඳවාගෙන පැමිණි අනුර කුමාර දිසානායක මහතා දළදා මාලිගාවේදී පිළිගන්නා ලද්දේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසිනි.

දන්ත ධාතූන් වහන්සේ වන්දනා කිරීම එහිදී සිදුවූ අතර තේවාවභාර පූජ්‍ය පූජ්‍ය මුරුද්දෙණියේ ධම්මරතන හිමියන් ජනාධිපතිවරයාට  ආශිර්වාද පළ කළහ.

දළදා වැද පැමිණි ජනාධිපතිවරයා විශේෂ අමුත්තන්ගේ පොතෙහි සමරු සටහනක් තැබීමෙන් පසුව විශේෂ අමුත්තන්ගේ කාමරයේදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සමඟ සාකච්ඡාවකට එක්විය.

නව ජනාධිපතිවරගේ සංචාරය දැක ගැනීම සඳහා මහජනතාව ද මෙම අවස්ථාවට එක්විය.

ජාතික ජන බලවේගයේ ජාතික සභික කේ.ඩී.ලාල් කාන්ත මහතා  ඇතුලු පිරිසක් මෙම සංචාරයට එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *