‘ඡන්දය’ – අධ්‍යාත්මික-දේශපාලන ක්‍රියාවක්, දූෂිතයන් තෝරා නොගන්න – ජා. ක්‍රි. කවුන්සිලය

ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මෑත කාලීන තීන්දුව, ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි කවුන්සිලය (NCCSL) සාදරයෙන් පිළිගනී. ඉදිරි සති දෙක ඇතුළත ජනාධිපතිවරණයට නියමිත කාලසටහන ප්‍රකාශයට පත් කරන බව දිවයිනේ ජනමත විචාරණ මණ්ඩලය ප්‍රකාශ කර ඇති බැවින් අපවිත්‍ර අපේක්ෂකයින් ප්‍රතික්ෂේප කරන ලෙස සෑම ශ්‍රී ලාංකීක ඡන්දදායකයෙකුගෙන්ම ඉල්ලා සිටී. “නිවැරදි අපේක්ෂකයින් තෝරා ගැනීම සහ ඡන්දයේ බලය නිවැරදිව භාවිතා කිරීම”, ඡන්දදායකයින් උනන්දුවෙන් ක්‍රියා කළ යුතු බව NCCSL පවසයි.
මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ඇතුළත් ස්වෛරීභාවය උද්යෝගයෙන් හා වගකීමෙන් යුතුව ක්‍රියාත්මක කරන ලෙස NCCSL ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් ඉල්ලා සිටී. එමෙන්ම, “වර්තමාන ආර්ථික අර්බුදයේ මූලික හේතු මූලිකවම දේශපාලනික” බව ඡන්දදායකයින්ට මතක් කර දෙමින්, “විඛාදන දූෂණ, වර්ගවාදය සහ දරුණු අපරාධ පිලිබඳ චෝදනාවලට මුහුණ දෙන” අපේක්ෂකයින් ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටියි.
එළැඹෙන ජනාධිපතිවරණය පිළිබඳව ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය විසින් රටේ පුරවැසියන් සහ ඡන්ද අපේක්‍ෂකයින් ආමන්ත්‍රණය කරමින් නිකුත් කළ ප්‍රකකාශය තවදුරටත් පහත සඳහන් පරිදි සිය ඉල්ලීම සටහන් කර ඇත:
ුප්‍රජාතන්ත්‍රීය සම්මතයන් හා ව්‍යවස්ථාගත ව්‍යවස්ථා පද්ධතිය හෑල්ලු වට ලක් කෙරෙන තනි පුද්ගලයකු අත බලය අයුතු ලෙස සංකේන්ද්‍රණය වන බලසම්පන්න විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම උදෙසා වන සිය ඉල්ලීම ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය යළිත් අවධාරණය කරයි. බලගතු විධායක ජනාධිපති ක්‍රමය අනෙකුත් ප්‍රජාතාන්ත්‍රික ආයතන ද අන්තරායයේ හෙළයි. ඉකුත් වකවානුවල ජනාධිපති අපේක ්ෂකයන් ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරවල දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අරබයා කොතෙකුත් පොරොන්දු දුන්න ද ඔවුන් බලයට පත් වූ පසු ඒ පිළිබඳ ව සැහැල්ලු මතික ව නොසලකා අමතක කරනු අපි අත්දැක ඇත්තෙමු. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහායය පළ කරනු වස් කැප වන ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලු ම අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය, බලයට පත් වුවහොත ් නිශ්චිත කාල රාමුවක් ඇතුළත ඒ සඳහා පියවර ගන්නා ලෙස ද අවධාරණය කරන්නී ය.
ජනාධිපති අපේක්ෂකයන් රටට බලපාන තීරණාත ්මක කරුණු සම්බන්ධ සිය ස්ථාවරයන් සහ ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කළ යුතු ය. මෙයට වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම්, දණ්ඩමුක්තිය ද ඇතුළු නීතියේ ආධිපත්‍යය තහවුරු කරන අයුරු, කාර්යක්ෂ්ම හා ස්වාධීන රාජ්‍ය සේවයක් ස්ථාපනය කිරීමට ගන්නා පියවර, දූෂණය වැලැක්වීමට අදාළ ආයතන හා ප්‍රතිපත්ති කෙසේ සම්පාදනය කෙරේ ද, තිරසර සංවර්ධනය ස්ථාපිත කරනු පිණිස ගන්නා ක්‍රියාමාර්ග යන දෑ ඇතුළත් විය යුතුය.
ජනවාර්ගික යුද්ධය හමාර වී 15 වසක් ඉකුත් වී තිබුණ ද තව දුරටත් පැසවමින් පවත්නා ජනවාර්ගික ගැටළුවට විසඳුම් පිණිස වන තම ප්‍රතිපත්ති පැහැදිලි ව ප්‍රකාශයට පත් කරන ලෙස සියලු ම ජනාධිපති අපේක ්ෂකයන්ගෙන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය ඉල්ලා සිටියි. උතුරු – නැගෙනහිර දෙමළ ජනතාවගේ නීත්‍යානුකූල දුක්ගැනැවිලි විසඳීමට විටින් විට බලයට පැමිණි ආණ්ඩු අපොහොසත් වූ නිසා යුද්ධයකට හා අන්‍යෝන්‍ය ඈත් වීමකට රටෙහි ජනවාර්ගික කොටස් තල්ලු වූ ආකාරය වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය පෙන්නා දී තිබේ. ජනවාර්ගික ගැටළුව විසඳිය හැක්කේ උතුරු -නැගෙනහිර ජනතාවගේ දේශපාලන දුක්ගැනැවිලි සහ ඔවුන් විඳි වෙනස් කොට සැලැකීම්වලට සාධාරණ ප්‍රතිචාර දක්වන දේශපාලන විසඳුමකින් පමණක් බව අපගේ විශ්වාසය යි. එමෙන් ම වතුකරයේ මෛලයහ මක්කල් ජනතාවගේ දුක්ඛිත තත්ත්වය ද අප අමතක නොකළ යුතු ය. දේශපාලන විසඳුමකට උතුරු නැගෙනහිර දෙමළ ජනතාව වෙන ම ජාතියක් ලෙස පිළිගැනීමත්, ඒ දෙපලාතට ප්‍රමාණවත් ස්වයං පාලනයක් සහ බලය බෙදා හැරීමක් එක්සත් රටක රාමුව ඇතුළත ක්‍රියාත ්මක කිරිම වුවමනා ය. දශක ගණනාවක් තිස්සේ ආත්ම ගරුත්වය හා අනෙක් මානව අයිතීන් නො දී පැහැර තිබෙන මෛලයහ මක්කල් ජනතාවගේ සැබෑ අපේක්ෂාවන් ආමන්ත්‍රණය කිරීමද වැදගත්ය.
බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, දේශපාලන සිරකරුවන්ට යුක්තිය, ඝාතන, ලිංගික අපරාධ සහ අනෙකුත් බරපතල යුදකාලීන කුරිරුකම් අරබයා පිළිගැනීම හා වගවීම වැනි වාර්ගික ගැටුමේ සහ යුද්ධයේ ප්‍රතිවිපාකවලට ප්‍රතිචාර දැක්වීමට අව්‍යාජ මුලපිරීම් තිබිය යුතු ය. ආරක්ෂක හමුදාව සහ විවිධ රාජ්‍ය ආයතන මඟින් අඛණ්ඩ ව සහ අලු තින් ඉඩම් අත්පත් කර ගැනීම, යුද්ධයෙන් මිය ගිය අය සිහ ිපත් කිරීමේ දී බාධා කිරීම්, සීමා කිරීම් හා බිය ගැන්වීම් හා විසම්මුතිය මර්දනය කිරීම ඇතුළු සිදු වෙමින් පවත්නා උල්ලංඝනයන් ආමන්ත්‍රණය කිරීම ද එයට අන්තර්ගත වුවමනා ය.
තමන් නියෝජනය කරන පක්ෂ හා ආධාර කරන අපේක්ෂකයන් විසින් ඉදිරිපත් කරනු ලබන මත හා සැලැසුම් කෙරෙහි නිසි අවධානය යොමු කරමින් වගකීමෙන් යුක්ත ව ඡන්ද බලය භාවිත කරන මෙන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය සමස්ත ලාංකික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි. ඔවුන් ඡන්ද අපේක ්ෂකයන්ගේ හැසිරීම් ඉතිහාසය විමසුමට ලක් කළ යුතු අතර, බරපතල අපරාධ, මානව හිමිකම් කඩකිරීම්, දූෂණයෙහි නියැළීම්, ජාතිවාදී නොපනත්කම්ලට මැදිහත් වීම්, විසම්මුතිය මර්දනය කිරීම් වැනි චෝදනා සහිත අපේක්ෂකයන් ප්‍රත ික්ෂේප කළ යුතු ය. ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය විශ්වාස කරනුයේ ඡන්ද බලය ඡන්දදායකයනට, සියලු දෙනාට ම යහපත් රටක් සහතික කරනු පිණිස, ආන්තිකත්වයට හා අවදානමට ලක් වූ සියලු කණ්ඩායම් හා සමඟ එක් ව දයානුකම්පාව හා සහයෝගීතාව පළ කිරීමේ ආධ්‍යාත්මික – දේශපාලන අවස්ථාවක් බව යි.
අත්සන් තබන ලද්දේ –
අති ගෞරවණීය ආචාර්ය වී. පද්මදායාලන් රදගුරුහිමිල සභාපති – ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය සහ රදගුරු, යාපනය දියෝකීසියල දකුණු ඉන්දීයානු සභාව
අති ගෞරවණීය දුෂාන්ත රොඩ්රිගෝ රදගුරුහිමි, කොළඹ රදගුරුතුමා, ලංකා සභාව, කොළඹ දියෝකීසිය
අති ගෞරවණීය නිෂාන්ත ප්‍රනාන්දු රදගුරුහිමි, කුරුණෑග, රදගුරුතුමා, ලංකා සභාව, කුරුණෑගල දියෝකීසිය
ගෞරවණීය ඩබ්. පී. එබනේසර් ජෝසෆ් දේවගැතිතුමා, මහානායක, ශ්‍රී ලංකා මෙතොදිස්ත සභාව
ගෞරවණීය ලක්මාල් විඡේරත්න දේවගැතිතුමා, සභාපතිතුමා, ශ්‍රී ලංකා ක්‍රිස්තියානි රෙපරමාදු සභාව

ගෞරවණීය විලි රණසිංහ දේවගැතිතුමා, සභාපතිතුමා, ශ්‍රී ලංකා බැප්ටිස්ට් සංගමය
ගෞරවණීය සමන් පෙරේරා දේවගැතිතුමා, සභාපතිතුමා, ශ්‍රී ලංකා ප්‍රෙස්බිටීරියානු සභාව
කර්නල් නිහාල් හෙට්ටිආරච්චි, ප්‍රාදේශිය මූලිකතුමා, ශ්‍රී ලංකා ගැළවීමේ හමුදාව
ගෞරවණීය ක්‍රිෂෝකුමාර් හැන්ඩි දේවගැතිතුමා, සභාපතිතුමා, ලංකා දේවසභාව
ගෞරවණීය හරිම් පීරිස් දේවගැතිතුමා, වැඩබලන සභාපතිතුමා, සිවුචතුරස්‍ර දේවසභාව

සාමයික ආයතන :
තරුණ ක්‍රිස්තියානි සංගමය, තරුණ කාන්තා ක්‍රිස්තියානි සංගමය, ශ්‍රී ලංකා ශිෂ්‍ය ක්‍රිස්තියානි ව්‍යාපාරය, ශ්‍රී ලංකා බයිබල් සංගමය, ක්‍රිස්තියානි සාහිත්‍ය සංගමය, ජිවිතාලෝකය, ලංකා දේවධර්ම ශාස්ත්‍රාලය
පිළිමතලාව, කොළඹ දේවධර්ම ශාස්ත්‍රාලය, යෞවන කිතුමග
ගෞරවණීය සුජිතර් සිවනායගම් දේවගැතිතුමාල මහා ලේකම් තුමා
ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය