මඩකළපුව, අය්යන්කර්නි ගම්මානයේ මුස්ලිම් කාන්තාවන් 31 දෙනෙකු මෙම කැෆර්ඩ් ව්‍යාපෘතියෙන් ප්රතිලාභ ලබන අතර, මේ වසරේ ජනවාරි මාසයේදි, මෙම කාබනීක ගෙවතු වගා ව්‍යාපෘතිය ආරම්භ කර කළ බව අධ්‍යෂක, ජෙයනික්සන් පියතුමා සඳහන් කළේය.
ජනවාරි මාසයේ සිට වගාකර නෙලාගත් ගෙවතු වගා අස්වැන්න නැව්මු බෝංචි , වම්බටු , මෑ කරල් , වැටකොලු , බණ්ඩක්කා , මුරුංගා , පලා වර්ග සහ රටකජු යනාදියෙන් සමන්විත වූ අතර, වස විස නැති ඒ සියලු එළවලු සැණින් අලෙවි වනු දක්නට ලැබුණි.
තවදුරටත් ඔවුන්ගේ වගා කටයුතු සාර්ථකව දියත්කරගෙන යාම සඳහා පොහොර, බීජ සහ වගාකටයුතු සඳහා භාවිතා කරන ගොවි උපකරණ යනාදිය ද මෙදින දී ඔවුන් අතර බෙදා දුණි.
මෙකී නව ප්‍රජා වෙළෙඳපොල විවෘත කිරීමේ අවස්ථාවට කරිටාස් ජාතික ආයතනයෙන් මෙන්ම ප්‍රාදේශීය වශයෙන් බෞද්ධ , මුස්ලිම් සහ කතෝලික පූජක උතුමන් ද සහභාගී වූහ. එරාවුර් හී
පුන්යාරාමාධිපති පූජ්‍ය දඹගල්ලේ වනරතන හිමි ද, එරාවුර් අල් මද්ද්රසාවුල් මුහමධියා හී අධ්‍යක්ෂක කේ. එම්. එම්. කබීර් මවුලවීතුමා ද, චෙන්කලාඩි මීසම්සේවක ගරු නිහාස්ටන් පීටර්ස් පියතුමා ද සභාව ඇමතූහ.
කේ. එම්. එම්. කබීර් මවුලවීතුමා, සිය ප්‍රජාව වෙනුවෙන් කරිටාස් ආයතනය මගින් සිදුකරන මෙම මහගු ශක්තිය පිළිබඳව ප්‍රශංසා කරමින් කියා සිටියේ , වස විස නැති කාබනීක ආහාර භාවිතය පිළිබඳව අතීතයේ සිට ශුද්ධවූ කුරානයේ පවා සඳහන් කර තිබෙන බවත්, මුස්ලිම් ජාතිකයින් පමණක් නොව, රෝගී නොවි හොඳ සෞඛ්‍ය පවත්වාගෙන යාම සඳහා සියලුම මිනිසුන් වස විස නැති කාබනීක ආහාර අනුභව කළ යුතු යැයි, නබී නායක මොහම්මද් තුමා ද පෙන්වා දී ඇති බවත්ය.
“ඔබගේ වගා කිරීම් වලදි ද අලෙවි පොලේදී ද සහ වෙනත් ඕනෑම කටයුත්තක දී එකමුතුකම ඉදිරියට ගෙන කටයුතු කරන්න කියා ඉල්ලා සිටිනවා. කරිටාස් ආයතන වලට කරන්න හැකි එකම දේ ඔබට අවශ්‍ය මූල්‍ය ශක්තිය සපයා දී මගපෙන්වීමයි. ඒවා සාමකාමීව ප්‍රයෝජනයට ගනිමින් ඔබේ ආර්ථීකය ශක්තිමත් කරගැනීම සහ ඔබලා අතර එකමුතුකම වර්ධනය කරගැනීම ඔබ විසින් ම කරගත යුතු කාර්යයක්” යැයි කරිටාස් ජාතික ආයතනයේ තිරසර සාමය හා සාධාරණත්වය සඳහා වන අංශයේ ප්‍රධානි, ගරු දීපා ප්‍රනාන්දු පැවිදි සොයුරිය මුස්ලිම් කාන්තාවන් ආමන්ත්‍රණය කරමින් ප්‍රකාශ කළේය.