ටිකිරි මැණිකේ හරි මගට උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සාමාන්‍ය පරිදි – සචිනි සිරිවර්ධන

ටිකිරි මැණිකේ දුම්රිය පීලි පැනීමෙන් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (17) අලුයම සිට සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය .
පසුගිය 15 දා රාත්‍රී 9.45ටපමණ වටගොඩ දුම්රිය පාලම මතදී පීලි පැනීමට ලක් වූ ටිකිරි මැණිකේ දුම්රිය ඊයේ (16)සවස 4.15 ට පමණ පීලි ගත කිරීම අවසන් කිරීමෙන් අනතුරුව රාත්‍රී 9.00ට පමණ මාර්ගය දුම්රිය ධාවනය සදහා විවෘත කිරීමට හැකි විනි
ඒ අනුව ඊයේ (16) රාත්‍රී කොළඹ කොටුව හා බදුල්ල දුම්රිය ස්ථානවලින් ගමන් ඈරඹූ රාත්‍රී තැපැල් දුම්රිය දෙක බදුල්ල හා කොළඹ දක්වා ධාවනය වූ අතර අද අළුයම සිට මාර්ගයේ සියලු දුම්රිය ධාවනය කෙරෙන බවත් ඔහු වැඩි දුරටත් කියා.
ඉකුත් සතිය තුලදී පමණක් මේ මාර්ගයේ දුම්රිය පිලි පැනීම් තුනක් වාර්තා විනි