මේරියස් පීරිස් හිමිපාණන් ස්වර්ගස්ථ වෙයි

කොළඹ අගරදගුරු පදවි විශ්රාමික සහායක රදගුරු අති උතුම් මේරියස් පීරිස් හිමිපාණන් ස්වර්ගස්ථ වී තිබේ.
විශ්රාමික සහයක රදගුරු හිමිපාණන් ස්වර්ගස්ථ වන විට 83 හැවිරිදි වියේ පසුවිය.
මොරටුව කටුකුරුන්ද ප්රදේශයේ උපත උන්වහන්සේ රදගුරු තුමෙකු වීමට ප්රථම නුවර අම්පිටිය දෙව්සත්හලේ අදියුරු පියතුමන් ලෙස කටයුතු කර තිබේ.
අසනීප තත්ත්වයෙන් පසුවූ උන්වහන්සේ ස්වර්ගස්ථ වන තෙක්ම ගත කළේ කොළඹ හැව්ලොක් ටවුන් Evening Stay නිවහනේය.