මාදම්පේ පොලිසිය කල සුපිරි වැඩක් .. කප්පම් වලට තිත …බෝම්බයක් සමග හයක් මාට්ටු – ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න

හලාවත මාදම්පෙ උරලිය ප්‍රදේශයේදී මාදම්පෙ පොලිසිය සිදුකල මෙහෙයුමකින් පසු වැන් රථයක් සමග පුද්ගලයන් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ .
ඒ අවස්ථාවේ මොවුන් සතුව අත් බෝම්බයක් , කඩු දෙකක් ඇතුළු තියුණු ආයුධ කීපයක් ද තිබී ඇත . මේ සමග වහා ක්‍රියාත්මක වූ පොලිසිය පොලිස් විශේෂ කාර්ය බලකාය
හා හලාවත පොලිස් කොධ්ධාශයේ පොලිස් ස්ථාන කීපයක සහය ඇතිව විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර ඇත . එහිදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින්
වැන් රථයේ තිබී හෙරොයින් මිලි ග්‍රාම 5600 ක් අත්අඩංගුවට ගෙන තිබේ .
අත්අඩංගුවට පත් සැකකරුවන් මාදම්පේ උරලිය , බිංගිරිය , ගිරාදුරුකෝට්ටේ , ගොකරැල්ල . විරකොඩියාන යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය
පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසිය .
මේ සෝදිසි මෙහෙයුමේදී ප්‍රධාන සැකකරුට අයත් ඉඩමේ තිබී ටිපර් රථ 05ක් , යතුරු පැදි 06 ක් , වැන් රථ 02 ක් , බැකෝ යන්ත්‍ර 03 ක් හා ට්‍රැක්ටරයක් හා ලොරියක් අත්අඩංගුවට
ගෙන තිබේ . ඊට අමතරව වාහන අංක තහඩු කීපයක් , භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ බලපත්‍ර රැසක් , ගුවන් ගමන් බලපත්‍ර දෙකක් , ඇතුළු ලිපි ලේකන රැසක් ද
අත්අඩංගුවට පත්ව ඇත . මේ ඉඩමේ ස්ථාන කීපයක වැලි ඛැනිම් සිදු කර තිබු බවද පොලිසිය පැවසිය .
මාදම්පේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ඒකනයක මහතාට ලැබුණු තොරතුරක් මත මුල් වැටලීම කර ඇති අතර ඉන් පසු නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරී
එස් .ඩි.ආර් ප්‍රියන්ත මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් හා පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. එස්. පුෂ්පකුමාර
මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් දෙවන සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත . මේ සදහා පොලිස් නිල සුනඛයන්ද යොදා ගෙන තිබු අතර ඒ අතර පුපුරන ද්‍රව්‍ය සෙවීමේ
විශේෂාඥ වරියක් වන බ්‍රවුනි හා මත්ද්‍රව්‍ය සෙවීමේ මනා පළපුරුද්දක් ඇති රුබි ද විය . මිට අමතරව අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් (soco ) ද මේ මෙහෙයුම සදහා
දායක විය .
යුක්තියේ මෙහෙයුමට සමගාමිව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග පරිදි වයඹ ජ්‍යෙෂ්ඨ නියොජ පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් පරිදි
පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලුෂන් සුරියබණ්ඩාර මහතා මේ මෙහෙයුමට නායකත්වය
ලබා දී ඇත .
අත්අඩංගුවට පත් සැකකරුවන් අතර මිනීමැරුම් චෝදනා එල්ල වී සිටින පුද්ගලයන් හා විවිධ ජාවාරම් වලට සම්බන්ධ පුද්ගලයන් සිටින බවට පොලිසියට තොරතුරු ලැබී තීමේ .
සැකකරුවන් හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි .