ගුරු විදුහල්පතිවරු නැවතත් විරෝධයේ අද හම්බන්තොටින් ආරම්භ කල විරෝධතා රැල්ල ලබන මස 12 අනුරාධපුරයේදී පසුව රටෙම් එකම දවසක

 

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය විසින් සංවිධානය කරන ලද ගුරු විරෝධතාවයක් අද 29 සවස තංගල්ල නගර මධ්‍යයේ දී
පැවැත්විණි.
මෙම ගුරු විරෝධතාවය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් වල ගුරුවරු රැසක් සහභාගි වී සිටියහ.
ගුරු විරෝධතාවය තංගල්ල රෝහල් මංසන්ධියෙන් ආරම්භ කොට තංගල්ල නගර මධ්‍යයට පැමිණි අතර එහිදී පැයක පමණ කාලයක් ගුරුවරු විරෝධතාවයේ යෙදුණි.

මෙම විරෝධතාවය පැවැත්වූයේ ප්‍රධාන ඉල්ලීම් හතරක් මුල් කරගනිමින්ය.

ගුරු විදුහල්පති වරුන්ගේ වැටුප් වැඩි කිරීමේ ඉතිරි තුනෙන් දෙකේ වැටුප ලබා දෙන ලෙස බලකිරීම, දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීමට විරෝධය දැක්වීම,දරුවන්ට සහන
මිලට පාසල් උපකරණ ලබා දෙන ලෙස බල කිරීම හා ගුරු විදුහල්පති සේවා උසස්වීම් කඩිනම් කරන ලෙසට බල කිරීම යන කරුණු මුල් කරගනිමින් මෙම විරෝධතාවය
පැවතියේය.

මෙහිදී ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ,ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්,විදුහල්පති සේවා සංගමයේ ජාතික සංවිධායක
සිසිර රාජපක්ෂ,සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමි ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ සභාපති වාස් ගුණවර්ධන යන අය අදහස්
දැක්වීය.

ආණ්ඩුව ප්‍රති ත්‍රස්ත පනත වැනි මර්දන නීති ගෙන ඒමෙන් වෘත්තීය සමිති මර්දනය කිරීමට කටයුතු කරන බවත් ඒවාට මේ රටේ ජනතාව බිය නොවන බවත් ජෝසප්
ස්ටාලින්  මහතා මෙහිදී වැඩිදුරටත් පැවසිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *