හලාවත අවොත් මාළු අඩුවට බලයා 300 යි ලින්නා 250 යි පරවා 800 හිරුනි ලක්ෂිකා

මේ දිනවල හලාවත මාළු වෙළද පොළේ මාළු මිළ ගණන් ඉතා පහල ගොස් ඇති බව හලාවත වැල්ල ධිවර සංවිධානය පෙන්වා දෙයි . එහි සභාපති රොෂාන්ත ප්රනාන්දු ප්රකාශ කලේ
ඊයේ(10 ) දිනයේ මෑත ඉතිහාසයේ අඩුම මාළු මිළ වාර්තා වූ බවයි . ලින්නා මාළු කිලෝවක මිල රුපියල් දෙසිය පනහක් බලයා රුපියල් තුන්සියයක් ලෙසද ලේන පරව කිලෝවක
මිල තුන්සිය පනහක් ලෙසද ලොකු පරවා කිලෝවක මිල රුපියල් අටසියයක් ලෙසද පැවතිණි . මිට අමතරව මාදැල් වලට අසුවන කුඩා මාළු කිලෝවක මිල රුපියල් සියයක්
ලෙසද පැවතිණි.
ඉකුත් සතිය පුරාම පවතී මේ තත්වය හේතුවෙන් දිවයිනේ ප්රදේශ රැසකින් මාළු මිලදී ගැනීම සදහා හලාවතට විශාල ජනතාවක් පැමිණ සිටින අයුරු ද දක්නට ලැබිණි .
මාළු මිළ ගණන් අඩුවීම පාරිභෝගිකයාට වාසි වුවත් ධීවරයන් පෙන්වා දුන්නේ තමනට වියදම් පියවා ගැනීමට පවා නොහැකි වී ඇති බවයි . රටේ අනෙකුත් භාණ්ඩ හා සේවා
මිල ඉතා ඉහල අගයක් ගෙන ඇති අවස්ථාවක මාළු සදහා ස්ථාවර මිලක් ලබා දීමට රජය මැදිහත් විය යුතු බවද හලාවත ධිවර සංවිධාන පෙන්වා දෙයි .