අනුර ලංකාවට පැමිණ “පව් ” කිව්වේ කාටද – ප්‍රසාද් පුර්ණමාල්

අපි රටකට යාම,රටක රාජ්‍ය නායකයන් මුණ ගැසීම අපේ දේශපාලන හෝ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කර ගැනීමට හේතුවක් නොවේ යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක  කටුනායක ගුවන් තොටුපොළේ දී  ඊයේ  (10 ) පැවසීය .

 

ඒ මහතා එසේ පැවසූවේ සිය ඉන්දීය   සංචාරය නිමා කර කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේ දීය .

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර  කුමාර දිසානායක මන්ත්‍රීවරයා  මෙසේ ද  පැවැසීය  .  ඉන්දියාවට ගිය පළමු දේශපාලන කණ්ඩායම අප නොවෙයි.

අප රටේ ආර්ථිකය කඩා වැටීම , දේශපාලන අර්බුදය මෙන්ම ජනාධිපතිවරයා  ජන්ද කල් දැමීම ලෝකය මෙන්ම ඉන්දීය රාජ්‍ය නායකයන් ද දන්නා කාරණයක් , කවර මැතිවරණ කල් දාන්න උත්සාහ කළත් එළඹෙන ඔක්තෝබර් මස ජනාධිපතිවරණය පැවැත්වීම සිදු කළ යුතුයි. එය රටේ විශාල දේශපාලන හැරවුමක් බවට පත්වෙනවා.

ඉන්දීය රජය සමග එකගතා , පොරොන්දු රජයන් අතර සිදු වෙනවා , අප දේශපාලන ව්‍යාපාරයක් බැවින් අපි අවබෝධ කර ගැනීම වර්ධනය කර ගැනීම සිදු කළ යුතුයි.

මෙහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින්  අනුර කුමාර  මන්ත්‍රීවරයා  ප්‍රකාශ කලේ  අද ( 11)  දිනයේ මාධ්‍ය හමුවක් පවත්වා සියල්ලට උත්තර දෙන බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *