අකුරණ නගරයේ ගංවතුර පාලනය සඳහා නව පාලම් කිහිපයක් – නදීක දයා බණ්ඩාර

අකුරණ නගරය ගං වතුරින් මුදා ගැනීම සඳහා ජනාධිපතිවරයාට සවිස්තරාත්මක වාර්තාවක්  භාර දෙන බව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති  ගුණතිලක රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ සභාපතිත්වයෙන් යුක්ත කමිටුවක් සති 06ක කාලයක් තුළදී ලබ ගත් තොරතුරුවලින් යුක්ත මෙම වාර්තාව භාර දීමට නියමිත යැයි ඒ මහතා කීවේය.

වසර තිහක කාලයක් තිස්සේ නොවිසදුණු ගංවතුර පාලනයට මෙමගින් හැකිවනු ඇතැයි කී ඒ මහතා ගංවතුර පාලනය සඳහා නව පාලම් කිහිපයක් ඉදිවන බව ද අකුරණ ප්‍රාදේශීය සභාවේ පැවැති උත්සවයකදී  ප්‍රකාශ කළේය.

ඩෙන්මාර්ක් රජයේ අධාර මත මෙම ඉදිකිරීම් සිදුවන  බවත්  එක් පාලමක ඉදිකිරීම් මේ වන විට ආරම්භ කොට ඇතැයි  ඒ මහතා පැවසීය.

මෙම වර්ෂයේදි පමණක් අවස්ථා පහකදී අකුරණ නගරය ජලයෙන් යටවූ බව කී ඒ මහතා ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත කමිටු යෝජනා ක්‍රියාත්මක කිරීම මගින් අකුරණ නගරයට ස්ථිර විසදුමක් හිමිවනු ඇතැයි තව දුරටත් පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *