මාධ්‍යවේදී යොහාන් පෙරේරාට ලොතරැයියක් ඇදුණාද?

මාධ්‍යවේදී යොහාන් පෙරේරා මහතාගේ ‌‌ ෆේස්බුක් ගිණුමට ඔහුගේ අනුදැනුමකින් තොරව කිසියම් අයෙකු විසින් ඇතුළු වී ඇති බව Factseeker ට තොරතුරු ලැබුණි.

Factseeker ඒ පිළිබදව මාධ්‍යවේදී යොහාන් පෙරේරා මහතාගෙන් කළ විමසීමකදී ඔහු සදහන් කළේ, තමාගේ ෆේස්බුක් ගිණුමේ ලොතරැයි ජයග්‍රහණයක් ලෙස සදහන් ව්‍යාජ පණිවුඩයක් සදහන් වී ඇති බවත් එය තමා හුවමාරු කර ගත් පණිවුඩයක් නොවන බවත් ය.

යොහාන් පෙරේරාගේ ඡායාරූපයක් ද සහිතව පළ වී ඇති මෙම පෝස්ටුවෙහි ෆේස්බුක් ආයෝජනයකින් පැය 7 ක් ඇතුළත තමන්ගේ බැංකු ගිණුමට 1 975 000 ක මුදලක් ලැබුණු බවත් ඒ සදහා තමාට සිග්‍රිඩ් ඇල්ල නැමැති කාන්තාවකගේ සහය ලැබුණු බවත් එම පෝස්ටුවේ සදහන් කර තිබිණි.එම කාන්තාවගේ බව කියමින් ඡායාරූපයක් ද එම පෝස්ටුවේ ප්‍රදර්ශනය කර ඇත.

මේ සම්බන්ධයෙන් විමසීමේදී යොහාන් පෙරේරා පැවසුයේ මෙවැන්නකි,

“දවස් කිහිපයක් මට  ෆේස්බුක් බලන්න බැරිවුනා. ඊට පස්සේ දවසක බලද්දි මගේ ෆේස්බුක් ගිණුමට යන්න බැරිවුනා. ඒක අවහිරවෙලා තියෙනවා වගේ මැසේජ් කිහිපයක් ආවා. ඊට පස්සේ මගේ යාලුවෝ කිහිපදෙනෙක් මට කතාකරලා කිව්වා මේ විදිහට පෝස්ට් එකක් වැටිලා තියෙනවා කියලා. මේක දැකපු ගමන් ව්‍යාජ එකක් කියලා මම අදුනගත්තා. මම එවගේ එකක් ශෙයාර් කළේ නැහැ. මම හිතන්නේ මගේ ෆේස් බුක් ගිණුම හැක් කරලා. මම ඒගැන සයිබර් අපරාධ අංශයට පැමිණිලි කරනවා. ඒවගේම පරණ ගිණුම අවලංගු කරලා මම අලුත් ෆේස්බුක් ගිණුමක් හදාගත්තා .” යනුවෙන් සඳහන් කළේය.

මෙවැනි පෝස්ට් බොහොමයක් සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබෙන අතර මේවා මගින් ජනතාවගේ පෞද්ගලික තොරතුරු ලබාගැනීම සහ දැවැන්ත ලෙස මුදල් වංචා කිරීම් සිදුවන බැවින් මෙවැනි වංචනික ක්‍රියාවලට හසුනොවන ලෙස  Factseeker පාඨකයින් වෙත දැනුම්දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *