“කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනයට” එරෙහිව, ක්‍රියාකාරීන් දින 16 ක ක්රියාකාරීත්වයක! – මෙලනි මානෙල් පෙරේරා

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනය නැවැත්වීම සඳහා දැනුවත් කිරීම සහ ක්‍රියාමාර්ග ගැනීම සඳහා “ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි ක්රියාකාරීත්වයේ දින 16” නම් වූ ක්‍රියාකාරී මාලාවක් නොවැම්බර් 26 වන දින බියගම වෙළෙඳ කලාපය ආශ්‍රිතව ආරම්භ කෙරිණි. මෙම ක්‍රියාකාරී මාලාව දෙසැම්බර් 10 වන දින ජාත්‍යන්තර මානව හිමිකම් දිනය දක්වා සිදුකරේ.
කාන්තාවන්ට සහ ගැහැණු ළමයින් වෙත එල්ල වන වධහිංසාවන් සහ ප්රචණ්ඩත්වය සම්භන්ධව සමාජය දැනුවත් කිරීම අරමුණු කරමින්, ඩාබිඳු සාමූහිකය විසින් දියත් කරන දින 16
ක්‍රියාකාරීත්වය, නොවැම්බර් 26 වැනිදා පෙරවරුවෙිදී , බියගම නි.වෙ.කලාපය ආසන්න ප්‍රධාන මාර්ගයේ දී පැවති නිහඩ විරෝධතාවයකින් අරම්භ විය.

වධහිංසාවන් සහ ප්රචණ්ඩත්වය සම්භන්ධ වැකි සදහන් විවිධ පාඨ සහ පින්තූර සහිත බැනර් සහ පුවරු සමගින් සිදුකළ මෙම විරෝධතාවට ගම්පහා , බියගම සහ කිලිනොච්චිය , වව්නියාව යන පළාත්වලින් පැමිණි නි.වෙ. කලාප සේවිකාවන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් සහභාගී වුහ.
කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ දත්ත ඉතා නරක තත්ත්වයක පවතින අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් දිනය දක්වා ක්‍රියාත්මක වන මෙම දින 16 ක්‍රියාකාරීත්වය භාවිතා කරමින්, විවිධ ක්‍රියාකාරකම් සිදු කරමින්, ප්රචණ්ඩත්වය අවම කිරීමට සහ නරක නාමය පහත හෙළීම තුළින් ශ්‍රී ලංකාව “තැඹිලි ලෝකයට” ඇතුළත් කිරීමට උත්සාහ කරනු ලබන බව ඩාබිඳු සාමූහිකයේ විධායක අධ්‍යක්ෂිකා චමිලා තුෂාරි මාධ්‍ය වෙත පැවසීය.

ප්‍රචණ්ඩත්වයට සහ හිරිහැරවලට එරෙහිව ක්‍රියාමාර්ග දියත් කිරීම සහ නි.වෙ.කලාප කාන්තා සේවිකාවන්ට ශක්තියක් ලබා දීම පදනම් කර ගනිමින් දින 16 ක ක්රියාකාරීත්වයේ වැදගත්කම පිළිබදව නි.වෙ.කලාප කාන්තා සේවිකාවන් දැනුවත් කිරීම යන කාර්යයන් දෙකම, එදින බියගම නි.වෙ.කලාපය ප්‍රදේශයේදී පැවැත්විණි. දැනුවත් කිරීමේ වැඩසටහනේ ආරාධිත අමුත්තා ලෙස ප්‍රකට මානව හිමිකම් ක්රියාධරණියක වන රායි බල්තසාර් මහත්මිය විසින් ඉතා හරවත් මෙන් ම දිරිමත් අනුශාසනාවක් පැවැත්විය.
“අපි අපේක්ෂාකරන වෙනස ලබාගැනීමට, හිංසාවෙන් පීඩාවෙන් තොර නිදහස ලබාගැනීම සඳහා අපිත් එහි කොටස්කරුවන් විය යුතුය යන්න ඔබ සියලුම දෙනා අවබෝධ කරගත යුතුයි. මොකද, වසර ගණනාවක් තුළ අපි යම්කිසි දෙයක් දිනාගෙන තිබෙනවානම් එය දිනා ගෙන තිබෙන්නේ සියලුම දෙනා සංවිධානය වෙලා. තමන්ගේ ඕටී ප්රශ්නය ගැන හෝ සිදුවන ප්රචණ්ඩත්වය ගැන හෝ ඔබ තනිවම මහමගට ගොස් කථා කළොත් සමාජය ඔබට කුමක් කියාවිද? ඔබ තනිවෙනවා. ඒ නිසා අපි සියලුම දෙනා එකතුවෙලා තමයි අපේ ප්‍රශ්න වලට , අවශ්‍යතාවලට හඩනගන්න ඕනේ” යැයි ඇය පැහැදිළි කළේය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් කිලිනොච්චි දිස්ත්‍රික් ඩාබිඳු සාමූහිකයේ සම්බන්ධීකාරක ශ්‍රී කාන්ති කියා සිටියේ උතුරේත් දකුණේ සේම කාන්තා සේවිකාවන්ට සිදුවන ප්රචණ්ඩත්වය වෙනසක් නැති බවයි. ” එම නිසා අපිත් කොළඹ කාර්යාලය සමග එකතු වෙලා හඬක් නගන්න හිතුවා.” යැයි ඇය කීවෙිය.
“ගෝලීය වශයෙන් මිලියන 780කින් සියයට 4කට වත් නීතියේ ආරක්ෂාව නැහැ. කාන්තාවන්ට එරෙහි හිංසනයන් පිළිබඳ දත්ත සපයා ගන්න විධියක් නැහැ. මීට වසර 4කට පෙර,
4දෙනෙකුගෙන් එක් අයෙක් තමන්ගෙ සමීපතමයන්ගෙන් එල්ලවන හිංසනයන්ට ගොඳුරු වෙනවා කියා අපි දැනගත්තා, නමුත් අද, එය පස්දෙනෙකුගෙන් හතරදෙනෙකුම මෙසේ හිංසනයන්ට ගොඳුරු වෙනවා” යැයි චමිලා තුෂාරි මාධ්‍යට ප්‍රකාශ කළේය.
නමුත්, කාන්තාවන්ට හිමි වියයුතු ගරුත්වය , ආරක්ෂාව වෙනුවට හිංසන, ප්රචණ්ඩත්වය සහ අවමානයට ගොඳුරු වෙන බවත්, එම තත්ත්වය දීර්ඝකාලීනව සිදුවෙමින් පවතින බවත් පැවසූ ඇය, ඊට සාධනීය ප්‍රථිචාරයක් දැක්වීම අරමුණු කරගෙන මෙවර දින 16 ක්‍රියාකාරිත්වය තුළ ලංකාවේ ස්ත්රීන්ට සහ ළමුන්ට සිදුවන හිංසනයන් වෙනුවෙන් ඔවුන්ගේ හඩ අවධිකරන බව පැවසීය.
“The Lives of Women in Assembly Lines” යන මාතෘකාවෙන් යුත් සමීක්ෂණ වාර්තාව මගින් ප්රචණ්ඩත්වය සහ හිරිහැර කිරීම්, අන්තර් ඡේදනය ප්රචණ්ඩත්වය, ආර්ථික ප්රචණ්ඩත්වය, සේවා කොන්දේසි, රැකියාවට යාම, 2022 අර්බුදය සහ එහි බලපෑම් , කාන්තාවන්ගේ ජීවිත, රැකියා-ජීවිත සාකච්ඡා සහ වාර්තා කිරීම, ප්‍රතිකර්ම සහ සහාය දැක්වීමෙි යාන්ත්‍රණ යන අංශවල ගැඹුරු සොයාගැනීම් සහ විශ්ලේෂණයන් පෙන්නුම් කරයි.
එම සමීක්ෂණ වාර්ථාවේ , පිටු අංක 10, “වැඩ කොන්දේසි – “වැසිකිළි විවේක සඳහා තේ වේලාව” යන තීරුවේ සඳහන් වන්නේ “බියගම මෑන්පවර් සේවකයින්ගෙන් සමහරක් පැය 24 ක් තුළ පැය 2. 5 ක සමුච්චිත විවේක කාලය සමඟ ද්විත්ව වැඩ මුරවල වැඩ කළ බවයි. ප්‍රවාහනය සඳහා අඩු මුදලක් ගෙවීමට, ඔවුන්ට සම්පූර්ණ දින විවේකයක් ලබා ගැනීමට සේවකයින්ගෙන් බොහෝ දෙනෙක් මෙසේ කරති. (නිවසේ විවේකයක් නොතිබුණද). මෑන්පවර් සේවකයෝ නින්ද නොයාම ගැන පැමිණිලි කළහ. ඉතා හොඳින් අවදියෙන් සිටින්නේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු අවංකව බෙදා ගත්හ. ඔවුන්ගේ මුහුණු සේදීම, අවදියෙන් සිටීමට ඇස්වල සිද්ධාලේප ආලේප කිරීම සහ නිදා ගැනීමට තේ විවේකය භාවිතා කිරීම යනාදිය පිළිබඳව පවසා ඇත.
එසේම, කටුනායකදී, එක් කර්මාන්ත ශාලාවක වගඋත්තරකරුවෝ මැසිවිලි නැගූයේ දිවා ආහාර විවේකය වැඩි කාලයක් නොමැති බවයි – ඔවුන් තම යන්ත්‍ර ක්‍රියා විරහිත කර ආහාර සඳහා පෝලිමේ සිටිය ද ඔවුන්ගේ ආහාර නිසි ලෙස ගැනීමට ඉඩක් නොලැබෙන බවත්, බොහෝවිට ආහාර වේල මගහැරෙන බවත්, ආහාර වේල භුක්තිවිදීමෙන් අනතුරුව නියමිත වේලාවට සේවා අංශයට නොපැමිණීය හොත් ඉතා දැඩි වාචික හිරිහැරයටන්ට ලක් වන්නට සිදුවන බවත් හෙළිදරව් වී ඇත.
“ගෝලීය වශයෙන් මිලියන 780කින් සියයට 4කට වත් නීතියේ ආරක්ෂාව නැහැ. කාන්තාවන්ට එරෙහි හිංසනයන් පිළිබඳ දත්ත සපයා ගන්න විධියක් නැහැ. මීට වසර 4කට පෙර,

“ශ්‍රී ලංකාවේ කාන්තාවන්, රටේ ආර්ථීක සහ සාමාජීය වශයෙන් යහපැවැත්මට විශාල මෙහෙවරක් ඉටුකරනවා. රටේ ආර්ථීක ශක්තිය වෙනුවෙන් මෙරට වැඩකරන කාන්තාවෝ ඉතාම ඉහළ දායකත්වයක් ලබාදෙනවා. නමුත් ඊට සරිලන වැටුප් , ගරුත්වය සහ ඇගයීමක් තවමත් සේවා ස්ථානවලින් වැඩකරන කාන්තාවන්ට හිමි වන්නේ නැහැ.” ඇය කීවේය.
නමුත්, කාන්තාවන්ට හිමි වියයුතු ගරුත්වය , ආරක්ෂාව වෙනුවට හිංසන, ප්රචණ්ඩත්වය සහ අවමානයට ගොඳුරු වෙන බවත්, එම තත්ත්වය දීර්ඝකාලීනව සිදුවෙමින් පවතින බවත් පැවසූ ඇය, ඊට සාධනීය ප්‍රථිචාරයක් දැක්වීම අරමුණු කරගෙන මෙවර දින 16 ක්‍රියාකාරිත්වය තුළ ලංකාවේ ස්ත්රීන්ට සහ ළමුන්ට සිදුවන හිංසනයන් වෙනුවෙන් ඔවුන්ගේ හඩ අවධිකරන බව පැවසීය.
සේවා ස්ථානයේදී, නවාතැන්පොලවලදී, මගතොටේ දී සහ පොදු ප්‍රවාහනයේදී මෙන් ම නිවෙස්වලදීද කාන්තාවන් ගැහැණු දරුවන් විවිධ හිංසන සහ මර්ධනවලට මුහුණ දෙනබවත් එම නිසා විවිධ ජීවිත තර්ජන පවා එල්ලවී ඇති බවත් ඇය පැවසීය.
“කාන්තා හිංසනය” යන ශීර්ෂය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින දත්ත ඉතාම නරක ස්ථානයක පවතින බව ප්‍රකාශ කළ චමිලා තුෂාරි, හිංසනය අවම කරගෙන එම තත්ත්වය පහත දැමීමට, විවිධ ක්රියාකාරකමි සමගින් මෙම “දින 16 ක්‍රියාකාරිත්වය” ප්‍රයෝජනයට ගනිමින් “තැඹීලි පාට ලෝකය” තුළට ශ්‍රී ලංකාවද ඇතුලත් කරගැනීමට උත්සාහා කරන බව පැවසීය.

එම සමීක්ෂණ වාර්ථාවේ , පිටු අංක 10, “වැඩ කොන්දේසි – “වැසිකිළි විවේක සඳහා තේ වේලාව” යන තීරුවේ සඳහන් වන්නේ “බියගම මෑන්පවර් සේවකයින්ගෙන් සමහරක් පැය 24 ක් තුළ පැය 2. 5 ක සමුච්චිත විවේක කාලය සමඟ ද්විත්ව වැඩ මුරවල වැඩ කළ බවයි. ප්‍රවාහනය සඳහා අඩු මුදලක් ගෙවීමට, ඔවුන්ට සම්පූර්ණ දින විවේකයක් ලබා ගැනීමට සේවකයින්ගෙන් බොහෝ දෙනෙක් මෙසේ කරති. (නිවසේ විවේකයක් නොතිබුණද). මෑන්පවර් සේවකයෝ නින්ද නොයාම ගැන පැමිණිලි කළහ. ඉතා හොඳින් අවදියෙන් සිටින්නේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු අවංකව බෙදා ගත්හ. ඔවුන්ගේ මුහුණු සේදීම, අවදියෙන් සිටීමට ඇස්වල සිද්ධාලේප ආලේප කිරීම සහ නිදා ගැනීමට තේ විවේකය භාවිතා කිරීම යනාදිය පිළිබඳව පවසා ඇත.
වාර්තාව පෙන්වා දෙන තවත් ඉතා අමානුෂික සිදුවීමක් වන්නේ, ඇතැම් කර්මාන්තශාලාවල සෑහෙන ප්‍රමාණයක් වැසිකිලි නොමැතිකම නිසා කාන්තා කම්කරුවන්ට පෝලිම් දිගු බැවින් විවේක කාලය තුළ වැසිකිළි භාවිතා කිරීමට නොහැකි වීමයි. එක් කර්මාන්ත ශාලාවක් සිය කම්කරුවන්ට “චූ ටෝකනය” (මුත්‍රා ටෝකනය) නිකුත් කරයි. සෑම අංශයකට ම එක් ටෝකනයක් ලබා දී ඇති අතර, එක් පුද්ගලයෙකුට පමණක් පිටත්ව ගොස් එය භාවිතා කිරීමට අවසර ඇත.