මන්දකට තවත් කොටියෙක් බිලි – චන්දන ජයවීර

මන්දකට හසුවී මිය ගොස් සිටි PANTHARA PADUS වර්ගයට අයත් විශාල කඳුකර කොටියෙකුගේ මළ සිරුරක් මස්කෙළිය පොලිස් වසමට අයත්, බ්‍රන්ස්වික් තේ වතුයායේ තිබී හමුවී තිබේ
අඩි 04 ක් පමණ උසින් හා අඩි 06 ක් පමණ දිගින් යුත් මෙම විශාල කොටියා තේ ගසක ආධාරයෙන් අටවා තිබූ කම්බි මන්දකට හසුවී මිය ගොස් සිටියදී එම තේ වතුයායේ වැඩ කරමින් සිටි කම්කරුවන් විසින් දැක වතු පාලනාධිකාරියට දන්වා ඇත.
බ්‍රන්ස්වික් තේ වතුයායේ සුනඛයින් හා එළුවන් විශාල ප්‍රමාණයක් පසුගිය මාස කීපය තුල අතුරුදන්ව ඇති බව වතු කම්කරුවෝ පැවසූහ.
මියගොස් ඇති කොටියා සම්බන්ධව නල්ලතන්නිය වනජීවි කාර්යාලයට දන්වා ඇති බව මස්කෙළිය පොලීසිය කියයි.