බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්- ජජනී කොඩ්තුවක්කු

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘෘ පැට්රික් (Andrew Patrick) මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් අද (22) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.
මේ අවස්ථාව සඳහා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන අංශයේ පළමු ලේකම් ටොම් සොපර් (Tom Soper) මහතා සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් සහෝදරයාද එක්ව සිටියහ.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික හා දේශපාලන තත්වය දීර්ඝ ලෙස දෙපාර්ශ්වයේ සාකච්ඡාවට බඳුන් විය. මැතිවරණ නොපැවැත්වීමේ ආණ්ඩුවේ ප්රජාතන්ත්රවිරෝධී හැසිරීම ජාතික ජන බලවේගය විසින් මෙහිදී විශේෂ අවධානයට ලක්කරවන ලදී