පාස්කු ඉරිදා ප්‍රහාරය :කිසිදු පොලිස් නිලධාරියෙකුට චෝදනා එල්ල වී නොමැති බව පවසයි — මෙලනි මානෙල් පෙරේරා
පාස්කු ඉරුදින ප්‍රහාරයේ පරීක්ෂණ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ හමුවක් ඊයේ එනම්, සැප් 20 වන දින පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි. මහජන
ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට පොලිස්පතිවරයා ද එක් ව සිටියේය.
එම අවස්ථාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ උසස් නිලධාරීන් ද කැඳවා තිබූ අතර, එම සාකච්ඡාව ඊයේ පැවති මාධ්්ය හමුවක දී කතෝලික සභාවේ විවේචනයට ලක්විය.
එමෙන්ම, 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පොලිස් නිලධාරියෙකුට චෝදනා එල්ල වී නොමැති බව ද මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශ කළේය.
ඊයේ (සැප් 20) පාර්ලිමේන්තුවේදී දැනුවත් කිරීමේ සැසිවාරයේදී ඔහු ප්‍රකාශ කළේ අදාළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවලට අනුව මේ සම්බන්ධයෙන් කිසිදු පොලිස් නිලධාරියෙකුට චෝදනා එල්ල වී නොමැති බවත්, මේ දක්වා ඇත්තේ නිරීක්ෂණයේ පමණක් බවත්ය.
ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව කියන නිලධාරීන් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය අලස් මහතා මේ බව ප්‍රකාශ කළේය.
එබැවින්, ඔවුන්ට සාධාරණ ලෙස නඩු පවරන තුරු, දැනටමත් චෝදනා එල්ල වී ඇති පරිදි, ඇතැම් පුද්ගලයින් නම් කිරීම තමන්ට නොසුදුසු කාර්යයක් බවට පෙන්වා දුණි.
යන්න ගැන සොයා බලා සභාවට දන්වන බවත් SJB මන්ත්‍රී අප්පුහාමි නැගූ ප්‍රශ්න කිහිපයකට වැඩිදුරටත් පිළිතුරු දෙමින් අැමති අලස් වැඩිදුරටත් පැවසීයඑමෙන්ම මෙම ප්‍රහාර සම්බන්ධයෙන් SDIG නිලන්ත ජයවර්ධන මහතා වගකිව යුතු බවට ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ දක්වා නොමැති බවද අමාත්‍ය අලස් පැවසීය.“එස්ඩීඅයිජී ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරු කර ඇති අතර වන්දි ගෙවීමට නියෝග කර ඇත,” ඔහු පැවසීය.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් සිදු වූ විනාශයට SDIG වගකිව යුතු බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල තරයේ කියා සිටීමත් සමඟ වාදයක් ඇති වූ අතර ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ 320 පිටුවේ SDIG වරයා වගකිව යුතු බවට නම් කර ඇති බව අප්පුහාමි මන්ත්‍රීවරයා පැවසීය. .
