සිංහල, දමිළ, මුස්ලිම් ජනතා සහභාගීත්වයෙන් මස්කෙළියේදී ලේ දන් දීමේ සමාජ සත්කාරයක්. -චන්දන ජයවීර -හැටන්

මස්කෙළිය ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ දී ලේ පරිත්‍යාග කිරිමේ සමාජ සත්කාර වැඩසටහනක් පසුගිය දා දවස පුරා පැවැත්විණි
මස්කෙළිය, බ්‍රන්ස්වික්, බ්‍රවුන්ලෝ, මහනිළු හා කුඩා මස්කෙළිය යන ග්‍රාම නිලධාරි කොට්ඨාසවල ග්‍රාම සංවර්ධන සමිති මගින් සංවිධානය කරනු ලැබූ ලේ දන් දීමේ ව්‍යාපාරයේ දී පරිත්‍යාගශීලීන් 150 ක් පමණ දායක වුහ.
ප්‍රදේශයේ සිංහල, දමිළ, මුස්ලිම් ජනතාවගේ සහභාගීත්වයෙන් පැවති මෙම ලේ දන්දීමේ වැඩසටහනේදී මස්කෙළිය පෙලීසියේ නිලධාරීන්, යුද හමුදා නිලධාරීන්, විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්, ව්‍යාපාරිකයින් සමග වතු කම්කරුවන් විශාල පිරිසක් ඒ අතර විය.
නාවලපිටිය මූලික රෝහල්, ලේ බැංකුවේ වෛද්‍ය නිලමිණි ලොකුසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් හෙද- හෙදි නිලධාරීන් කණ්ඩායමක් ලේ ලබා ගැනීමේ කටයුතු සිදු කරනු ලැබීය.