“ආගම – ජාතිය” දූෂණයෙන් තොර මැතිවරණයක් සඳහා භාවිතා කරමු – මෙලනි මානෙල් පෙරේරා
මැතිවරණ කටයුතුවලදී ප්‍රචාරක ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා ආගම, ජාතිය, භාවිතා කළ යුත්තේ සමාජය තුළ කැළඹීමක් ඇති නොවන පරිදි ඡන්ද කටයුතු සිදුකිරීමටත් , ජාතීන් අතර සහ බහු ආගමීකයින් අතර සංහිඳියාව ප්‍රවර්ධනය කරමින් නගර සභා පළාත් සභා තුළ දූෂණයෙන් අල්ලස් ගැනීමෙන් තොර පිරිසිදු දේශපාලන ක්‍රියාවලියක් ඇතිකිරීම සඳහා අපේක්‍ෂකයින් මෙන් ම ඡන්දදායකයින් මෙහෙයවීම සඳහා බව මීගමුව ප්‍රාදේශීය අන්තර් ආගමීක කමිටුව ප්‍රකාශ කරයි.
මෙම කර්තව්‍ය ඉටුකිරීම සඳහා සියලුම ආගමීක නායකයින් සහ සිවිල් සමාජ නායකයින් හට විශාල වගකීමක් පැවරෙන බව ද ඕවිහු ප්‍රකාශ කරති.
“මීගමුව ප්‍රාදේශීය අන්තර් ආගමීක කමිටුව” විසින් මෙසේ ප්‍රකාශ කළේ , ළග එන පළාත් පාලන මැතිවරණය අරමුණ කරමින්, මැතිවරණ ප්‍රචාරක කටයුතු වලදී අපේක්‍ෂකයින් සහ චන්ද දායකයින් කෙසේ හැසිරිය යුතු ද, ආගම සහ ජාතිය කෙසේ යොදවා ගතයුතු ද යන්න පිළිබඳව පෙබරවාරි 06වෙනිදා මිගමුවේදි පැවති දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයකදී ය.
මීගමුව ඉන්දිරා උත්සව ශාලාවේදි පැවති මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා මෙවර පළාත් සභා මැතිවරණයට තරග වදින අපේක්‍ෂකයින් , මුස්ලිම් සහ ක්‍රිස්තියානි පූජක උතුමන් , පළාත් සිවිල් ක්‍රියාධර නායකයින් සහභාගි වුහ.
“පාලකයින්ට අවශ්‍යකරන්නේ හැමදාම තමන්ගේ බලය පවත්වාගෙන යාමට අවශ්‍ය ආකාරයට නිතිය හදාගන්නයි. නමුත් ජනතාවගේ පරමාධිපත්‍ය අභියෝග වන ආකාරයට එම නීති සකස් වන විට ඊට එරෙහිවන්නට ජනතාවට අයිතියක් තිබෙනවා. ඊට එරෙහිවන්නට බැහැ කියා නීතියක් නැහැ. ඒ නිසා ශක්තිමත් ජන පවුරක් බිහිකරගැනීම තුළින් ජනතාවට එරෙහි වන බලය, බලපෑම වෙනස් කරන්නට ශක්තිය ලැබෙනවා.” යැයි ද රෝහණ හෙට්ටිආරච්චි පෙන්වා දුණී. සෑම ආගමක් ම සෑම ජාතිකයින් ම නියෝජනය වන මීගමුව දිස්ත්‍රික්කය ලංකාවේ අනෙකුත් දිස්ත්‍රික්කවලට ආදර්ශයක් විය හැකි බව පෙන්වා දුන් මිගමුව නගර සභා අපේක්‍ෂිකා නිර්මලා ප්‍රනාන්දු, සහජීවනය සහ සංහිඳියාව ගොඩ නැගෙන අයුරින් , වෛරී දේශපාලනයෙන් තොරව මැතිවරණ ව්‍යාපාරය දියත් කිරීම සඳහා ආගමීක නායකයින්ගේ මැදිහත්වීම ඉතාම අතවශ්‍ය සාධකයක් බව ප්‍රකාශ කළේය.

පාස්ක-ු ප්‍රහාරය එල්ලවු දවස්වලදී ඉදිරිපත්වුවා මෙන්ම, ඔවුන් ගැන සොයා බලා සිදුවන්නට ගිය මහා කෝලහාල සහ මිනිස් ඝාතන වලින් වළක්වාගත්තා මෙන් ම ඉදිරියේදීත් ක්‍රිස්තියානි පූජක දායකත්වය විශේෂයෙන්ම මුස්ලිම් සහෝදර සහෝදරියන් වෙත ලබාදෙන බව මෙම අවස්ථාවට සහභාගි වු කිතුනු පූජක කුසුම්සිර දේවගැති තුමා ප්‍රකාශ කළේය.
මුස්ලිම් සහෝදරවරුත් මීට වඩා අප සමග සම්බන්ධවෙලා කටයුතු කරනවා, ඉදිරියට එනවා නම්, එය තවත් හොඳ ශක්තියක් වගේ ම සංහිඳියාව ගොඩනගා ගන්නට මහත් රුකුලක් වෙනවාග යැයි ද කුසුම්සිරි දේවගැතිතුමා පැවසීය.
