පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ මංකොල්ලයක්- හිරුණි ලක්ෂිකා
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ප්‍රංශයේ පැරීසියේ පිහිටි ලෝක ප්‍රසිද්ධ ලූවර් කෞතුකාගාරය (Louvre Museum) මංකොල්ලකෑමකට ලක්වීමෙන් පසු තාවකාලිකව වසා දමා තිබෙනවා.
මෙම සිදුවීමෙන් කිසිදු තුවාල ලැබූවකු වාර්තා වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
කෞතුකාගාරය නැවත විවෘත කරන දිනය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් ප්‍රකාශයට පත් කර නැහැ.
