සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි – හිරුණි ලක්ෂිකා
2024 (2025) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.
එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිවන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකියි.
මෙම නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2025 අ.පො.ස.සා.පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තුවන අයදුම්කරුවන්ට ද අද (09) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය තව දුරටත් දීර්ඝ කිරීමක් සිදු නොකරන බවයි සඳහන් වෙන්නේ.
එමෙන්ම මෙම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් යම්කිසි විමසීමක් වේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ පහත සඳහන් දුරකථන අංක ඔස්සේ අමතන ලෙසයි විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.
ක්ෂණික ඇමතුම් අංකය – 1911
පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව – 0112784208, 0112784537, 0112785922
ෆැක්ස් අංකය – 0112784422
