“යුක්තිය සොයා ස්ත්‍රීන් – අපගේ අතීතය සහ අනාගතය” ප්‍රදර්ශනය නැරඹීමට අග්‍රාමාත්‍යවරිය එක්වෙයි

ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රියාකාරීන් විසින් ඉදිරිපත් කරන ලද, කොළඹ 07 ජාත්‍යන්තර කාන්තා සංගම් ශාලාවේ පැවති “යුක්තිය සොයා ස්ත්‍රීන් – අපගේ අතීතය සහ අනාගතය ” ප්‍රදර්ශනය නැරඹීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අගෝස්තු 01 වැනි දා පස්වරුවේ සහභාගි විය.

මෙම ප්‍රදර්ශනය තුළ බලහත්කාරී අතුරුදන් කිරීම්, ඉඩම් අහිමි වීම්, බලහත්කාරයෙන් නෙරපා හැරීම් සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයට එරෙහිව පෙනී සිටින කාන්තා ක්‍රියාකාරිනියන්ගේ ශ්‍රව්‍ය, දෘශ්‍ය හා කලාත්මක ඉදිරිපත්කිරීම් ප්‍රදර්ශනය කරනු ලැබූ අතර දිවයිනේ විවිධ පළාත්වල සක්‍රීයව සිටින ක්‍රියාකාරිනියන්ගේ සහයෝගිතාවය නිරූපණය කිරීම ප්‍රදර්ශනයේ මූලික අරමුණ විය.

ශ්‍රී ලංකාවේ කාන්තා යුක්තිය පිලිබඳ අරගලය තිරසාර කිරීම, සංහිඳියාව සහ සාමය ඇති කිරීම වෙනුවෙන් සිදුකරන ලද පර්යේෂණ ව්‍යාපෘතියක මූලික අංගයක් ලෙස මෙම ප්‍රදර්ශනය පැවැත් වූ අතර පර්යේෂණ ව්‍යාපෘතියේ ප්‍රධානී, ඔක්ස්ෆර්ඩ් බෲක්ස් විශ්වවිද්‍යාලයේ සංවර්ධන හා හදිසි අවස්ථා පුහුණු මධ්‍යස්ථානයේ ( CENDEP ) මානව හිමිකම් පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ෆාරා මිහ්ලාර් මහත්මිය ද මෙම අවස්ථාව සඳහා සම්බන්ධ විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

END/PMMD/MMP/03082025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *