පාසල් ආශ්‍රිත ආපදා අවම කර ගැනීම සඳහා තීරණ ගැනීමේ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට නදීක දයා බණ්ඩාර

පාසල් ආශ්‍රිතව සිදුවන ආපදා අවම කර ගැනීම සඳහා කඩිනම් තීරණ ගැනීමේ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට පැවරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කොට තිබේ.

පාසල් වසා දැමීම, දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පංති කාමර වෙනස් කිරීම හා එක් එක් අංශ වසා දැමීම හෝ විවෘත කිරීම වැනි තීරණ ගැනීමේ හැකියාව ඒ අනුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට පැවරේ.

ආණ්ඩුකාරවරයා මෙම තීරණයට එළැඹ ඇත්තේ පාසල් ආශ්‍රිතව  ආපදා තත්ත්වයක් ඇති වුවහොත් පවතින ධූරාවලි ක්‍රමවේදය යටතේ කටයුතු කිරීමේදී සිදුවන ප්‍රමාදයන් වලක්වා ගැනීමේ අරමුණින්ය.

මේ වන විටත් මධ්‍යම පළාතේ පාසල් රැසක් ආපදා තත්ත්වයන්ට හසුවී ඇති අතර ඇතැම් පාසල්  21.22 දිනයන්හී වසා දැම්මට ද අධ්‍යාපන බලධාරීන් කටයුතු යොදා තිබිණි.

නව තීරණය අද සිට ක්‍රියාත්මක වන අතර අවදානම් තත්ත්වය පසුවන තෙක් එම තීරණ ගැනීමේ බලය ලබාදීම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පැවරී තිබේ.

ඡායාරූප – ආපදා හේතුවෙන් හානි වූ වත්තේගම බාලිකා විද්‍යාලීය ප්‍රාථමික අංශය පිළිසකර කිරීමට යුද හමුදා සෙබළුන් එක්ව සිටින අයුරු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *