ඉදිරි සතිය ඇතුළත ජල සම්පාදනය යථා තත්වයට පත් කරනවා – ජල සම්පාදන අමාත්‍ය

ඉදිරි සතියක කාලයක් ඇතුලත සියලු ජල සම්පාදන ක්‍රම යථා තත්වයට පත් වනු ඇති නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

අක්‍රිය වූ ජල සම්පාදන ක්‍රම 146ක් මේ වනවිට යථා තත්වයට පත් කර ඇති බවත් තවත් ඉතිරිව ඇත්තේ 10ක් පමණක් බවත් ඒ සියල්ල කඩිනමින් යථා තත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිට සිදු වෙමින් පවතින බවත් අමත්‍යවරයා කියා සිටියේය.

මේ වනවිට පොම්පාගාර ස්ථීරව පිළිසකර කර ඇති අතර තාවකාලිව ජල සැපයුම් කිහිපයක් සකස් කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

වැඩිම හානියක් වූ මධ්‍යම පළාත ඇතුලු දිවයින පුරා ජල සම්පාෙදන‍ෙක්‍රමයන්වලට සිදුවූ හානිය රුපියල් බිලියන පහක් ඉක්මනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දිවයින පුරා පවතින ජල සම්පාදන ක්‍රම 342න් 156ක් අක්‍රිය වූ අතර ඉන් 17ක් සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

END/GONP/MMP/04122025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *