උතුරු පොල් ත්‍රිකෝණයේ වගාකරුවන්ට රජයෙන් සහනාධාරයක් – පහන් සිතුමිණ

උතුරු පොල් ත්‍රිකෝණයේ පොල් වගාකරුවන් සඳහා රජය විසින් අක්කරයකට රුපියල් 30,000ක සහනාධාරයක් ලබාදීමට තීරණය කර ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ අලු‍තින් වගා කරන පොල් ඉඩම් සඳහා ජල පහසුකම් ලබා ගැනීමේ අරමුණින් මෙම මුදල් ප්‍රදානය සිදු කරන බවයි.

මෙම පොල් ත්‍රිකෝණය තුළ පැළ ලක්‍ෂ 10 වගා කිරීමේ වැඩසටහනට සමගාමීව මෙම සහනාධාරය ලබාදීමට සැලසුම් කර ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *