ආර්ථික මධ්‍යස්ථාන විධිමත් කිරීම සඳහා National Agri Market Service හි අධ්‍යක්ෂ මණ්ඩලය රැස් වේ

විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණය කිරීම සඳහා රජය විසින් පිහිටුවන ලද National Agri Market Services Ltd හි අධ්‍යක්ෂ මණ්ඩලය සමඟින් පැවැත්වූ පළමු සාකාච්ඡාව මේ මස  24 වන දින වෙළෙඳ අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

100% සම්පූර්ණ රාජ්‍ය සමාගමක් වන National Agri Market Services Ltd හි කොටස් අයිතිය මහා භාණ්ඩාගාරය සතු වේ.

මෙතෙක් අවිධිමත් අයුරින් පවත්වාගෙන යනු ලබන ආර්ථික මධ්‍යස්ථාන විධිමත් කිරීමේ ක්‍රියාවලිය මෙම නව සමාගම ආරම්භයත් සමඟින් සිදුකිරීමට නියමිතය.
වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලෙන්තිරරාජා මහතා සහ අමාත්‍යාංශ නිලධාරීන් සමඟින් මෙහි ඉදිරි කටයුතු පිළිබඳව සවිස්තරාත්මකව නව අධ්‍යක්ෂක මණ්ඩලය දැනුවත් කිරීම සිදු කළ අතර දැනට හඳුනාගෙන ඇති ගැටලු පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

පසු ගිය කාල සීමාව තුළ විවිධ අවස්ථාවන් වලදී ආර්ථික මධ්‍යස්ථාන නියෝජිතයින්, කළමනාකරණ භාරයන්, වෙළෙඳ සංගම් හමු වී නව සමාගම ආරම්භ කිරීම පිළිබඳව දැනුවත් කිරීම් සිදු කළ අතර ආර්ථික මධ්‍යස්ථාන එක මාවතකට රැගෙන ඒම මෙම සමාගම නිර්මාණය කිරීමේ අරමුණ විය.

මෙහි ප්‍රධාන කාර්යාලය නාරාහෙන්පිට පිහිටුවීමට නියමිත අතර ගොවියාගේ සිට පාරිභෝගිකයා දක්වා සිදුවන මෙම ක්‍රියාවලිය වඩා විධිමත් අයුරින් ක්‍රියාත්මක කිරීම, නව ඇසුරුම් ක්‍රියාවලියක් සහ ප්‍රවාහන ක්‍රමයක් තුළ පසු අස්වනු හානිය අවම කර ගනිමින් ගුණාත්මක ලෙස නැවුම් කෘෂි බෝග පාරිභෝගිකයා වෙත ලැබීමට සැලැස්වීම ප්‍රධාන අරමුණක් වේ.

ආර්ථික මධ්‍යස්ථාන පවත්වාගෙන යන දේපල සඳහා කඩිනම් විසඳුම් ලබා දීම, වෙළෙන්දන් සමඟ අදාල ගිවිසුම් වලට එළඹීම, මිල සාධාරණත්වය ඇති කිරීම, අවභාවිතාවන් අවම කිරීම සහ තීන්දු තීරණ වගකීම් සහිතව ගැනීම වැනි කරුණු බොහෝමයකට National Agri Market Services Ltd නිසි ලෙස මැදිහත්වීම සිදු කෙරේ.

END/GONP/MMP/26102025

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *