ආනයනික සහල් වර්ග දෙකකට අදාළව පනවා තිබූ විශේෂ වෙළද භාණ්ඩ බද්ද ඉවත් කෙරේ
ආනයනික සහල් වර්ග දෙකකට අදාළව පනවා තිබූ විශේෂ වෙළද භාණ්ඩ බද්ද ඊයේ (03) සිට ක්රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා.
ඒ කැකුළු සහල් සහ තම්බන ලද සහල් යන කාණ්ඩවලට අයත් නිශ්චිත එච් එස් කේත දෙකක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්දයි මෙලෙස ඉවත් කර ඇත්තේ.
ඒ අනුව සහල් කිලෝවක් සඳහා රුපියල් 65 ක් වන අදාළ බද්ද ඉවත් කෙරෙනු ඇති.
