ඉන්දීය ප්‍රදාන ආධාර යටතේ ගාල්ලේ ඉදිකළ 22 වැනි ආදර්ශ ගම්මානය ප්‍රතිලාභීන් වෙතට!

2026 ඔක්තෝබර් 22 වන දින, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් අතිගරු සන්තෝෂ් ජා මහතා සහ නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය ගරු ආචාර්ය එච්. එම්. සුසිල් රණසිංහ මහතා විසින්, ගාල්ල දිස්ත්‍රික්කයේ ‘දිදුල’ ආදර්ශ ගම්මානයේ නිවාස ඒකක 24ක් ඒකාබද්ධව විවෘත කර ප්‍රතිලාභීන් වෙත භාර දෙන ලදී.

ඉන්දීය රජයේ ප්‍රදාන ආධාර ඇතිව, ශ්‍රී ලංකා නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශය සමඟ එක්ව දිවයිනේ දිස්ත්‍රික්ක 25 පුරාම මෙම ආදර්ශ ගම්මාන නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. මෙම වැඩසටහන සඳහා වන අවබෝධතා ගිවිසුම 2017 ඔක්තෝබර් මාසයේදී ඉන්දීය සහ ශ්‍රී ලංකා රජයන් අතර අත්සන් තබන ලදී.

මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල් 600ක් සඳහා නිවාස පහසුකම් සලසා දෙන අතර, එක් එක් දිස්ත්‍රික්කයේ පිහිටි ආදර්ශ ගම්මානයක් නිවාස 24කින් සමන්විත වේ. මෙම නිවාස සඳහා පවුල් තෝරා ගනු ලබන්නේ දිස්ත්‍රික් නිවාස කමිටු මගිනි.

මීට පෙර මඩකලපුව, වවුනියාව, යාපනය, මහනුවර, ගම්පහ, අනුරාධපුරය, බදුල්ල, මාතලේ, පුත්තලම, කොළඹ, ත්‍රිකුණාමලය, මොණරාගල, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, රත්නපුරය, අම්පාර, කුරුණෑගල, කෑගල්ල, කළුතර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක 21 තුළ මෙම ව්‍යාපෘතිය යටතේ ආදර්ශ ගම්මාන විවෘත කර ප්‍රතිලාභීන් වෙත භාර දී ඇත. ව්‍යාපෘතියේ ප්‍රගතිය මේ වන විට 98.6%ක් පමණ වන අතර, ඉතිරි ආදර්ශ ගම්මාන තුන ද නුදුරේදීම විවෘත කර ප්‍රතිලාභීන් වෙත භාර දීමට නියමිතය.

        

මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා අදාළ දිස්ත්‍රික්ක නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ගාල්ල දිස්ත්‍රික් පරිපාලන නිලධාරීන් ද සහභාගී වූහ.

END/PRoHCI/MMP/23102026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *