පස්වරු 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි : පළාත් කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (17) පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව, පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මීට අමතරව, බස්නාහිර පළාතෙත් ගාල්ල, පුත්තලම, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි ඇති විය හැකි බව සඳහන්.
එමෙන්ම, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතීමේ හැකියාවක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබෙනවා.
