ඉන්දීය ආරක්ෂක ඇමතිගේ මෙරට සංචාරය වෙනුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්!
Picture:Melani Manel Perera/AI/NanoBananaGenerated
ඉන්දියානු ආරක්ෂක අමාත්ය රාජ්නාත් සිං හෙට (08) සිට ලබන 10 වනදා දක්වා ශ්රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත අතර, ඒ වෙනුවෙන් කොළඹ නගරය ආශ්රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක කරන බව කොළඹ රථවාහන කොට්ඨාසය පවසනවා.
ඒ අනුව, මෙම සංචාරය අතරතුර අදාළ ප්රභූවරයා ගමන් ගන්නා කාලසීමාවන් තුළ කොළඹ නගරයේ ප්රධාන මාර්ග කිහිපයක අවස්ථාවනූකූලව රථවාහන ගමනාගමනය සීමා කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
රථවාහන සීමා කෙරෙන ප්රධාන ගමන් මාර්ග සහ කාලසීමාවන් පහත පරිදි වනු ඇති.
සැප්තැම්බර් 08 (පස්වරු 01:30): කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළේ සිට කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය, වරාය පරිශ්රය සහ N.S.A. වටරවුම හරහා ටාජ් සමුද්රා හෝටලය දක්වා.
සැප්තැම්බර් 08 (රාත්රී 08:00 – 09:00 අතර): ටාජ් සමුද්රා හෝටලයේ සිට ගාලුමුවදොර, කොල්ලුපිටිය, ලිපර්ටි වටරවුම, නන්ද මෝටර්ස්, නිදහස් වටරවුම හරහා ඉන්දියන් හවුස් (Indian House) වෙත ගමන් කිරීම සහ ආපසු පැමිණීම.
සැප්තැම්බර් 09 (පෙරවරු 09:50 – 11:25 අතර): ටාජ් සමුද්රා හෝටලයේ සිට ගාලු මැද පාර ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගමන් කිරීම සහ ආපසු පැමිණීම.
සැප්තැම්බර් 09 (පස්වරු 02:00 සිට): පස්වරු 02:00ට බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්රයේ පිහිටි ඉන්දියන් සාමසාධක හමුදා ස්මාරකය (IPKF) වෙත ගමන් කිරීම.
පස්වරු 02:45 සිට 03:45 දක්වා අකුරේගොඩ පිහිටි ආරක්ෂක අමාත්යාංශය වෙත ගමන් කිරීම.
පස්වරු 04:00 සිට 04:30 අතර පාර්ලිමේන්තු පරිශ්රය වෙත ගමන් කිරීම.
පස්වරු 04:35 සිට 05:00 අතර හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත ගමන් කිරීම.
පස්වරු 05:30ට ආපසු ටාජ් සමුද්රා හෝටලය වෙත පැමිණීම.
සැප්තැම්බර් 09 (රාත්රී 07:00 – 07:10 අතර): ටාජ් සමුද්රා හෝටලයේ සිට කොළඹ වරාය පරිශ්රය වෙත ගමන් කිරීම සහ ආපසු පැමිණීම.
සැප්තැම්බර් 10 (පෙරවරු 09:00 – 09:10 අතර): නුවරඑළිය සංචාරය සඳහා ටාජ් සමුද්රා හෝටලයේ සිට වරාය පරිශ්රයේ පිහිටි හෙලිපෑඩ් පරිශ්රය වෙත ගමන් කිරීම.
මෙම කාලසීමාවන් තුළ ඇතිවිය හැකි රථවාහන තදබදය අවම කරගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසත්, සිදුවන අපහසුතාවයන් පිළිබඳ සලකා බලන ලෙසත් පොලිසිය මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
