පැසිෆික් සාගරයේ එකවර සක්‍රීය වූ සුළි කුණාටු ත්‍රිත්වය සහ බලපෑමට ලක් වූ ලංකාවේ දිස්ත්‍රික්ක 07!

වසර 11කට පසුව, ලොව පුරා රටවල් රැසකට බලපෑම් එල්ලකරමින් සිටින එල් නිනෝ සංසිද්ධිය,  ඇරඹි පැසිෆික් සාගරයේ මේ වනවිට එකවර සුළි කුණාටු තුනක් සක්‍රීයවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම කුණාටු තත්ත්වය හේතුවෙන් හටගත් අධික වර්ෂාව මෙන්ම මුහුද රළු වීම හේතුවෙන්, හවායි දූපත් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

එල් නිනෝ වාතාවරණය යටතේ, මේ වසර තුළ චීනයට බලපෑ 07 වැනි සුළි කුණාටුව ලෙසින් නම් කර ඇති සවුඩෙල් සුළි කුණාටුව එරටට දැඩි බලපෑම් එල්ල කරමින් සිටින බවත් , කොළොම්බියාවේ වැසි අඩුවී නියං තත්ත්වයක් හටගෙන ඇති අතර එරට නිවෙස් වෙත බවුසර් මගින් ජලය සැපයීමටත් සිදුව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට අමතරව,  ඉකුත් සති කිහිපය පුරා ඉන්දුනීසියාවේ සහ ස්විට්සර්ලන්තයේ වනාන්තර ආශ්‍රිතව දරුණු ලැව්ගිනි  පැතිර ගියේ එම රටවලට බලපෑ වියළි කාලගුණයත් සමඟය.

ලෝකයට එලෙස බලපෑම් කළ එල් නිනෝ තත්ත්වය, දිස්ත්‍රික්ක රැසකට දැඩි නියං තත්ත්වයක් ඇති කරමින් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කර තිබේ.

ඒ අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 07කට බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් පානීය ජලය සපයාගත නොහැකිව පවුල් 35,000 කට වැඩි සංඛ්‍යාවක පුද්ගලයින් 115,534 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

ඉන් ඇතැම් ප්‍රදේශවලට ජල බවුසර් මගින් ජලය සපයාදීමට පියවර ගත්ත ද, ජල මූලාශ්‍ර සිඳීයාම හේතුවෙන් තවමත් බොහෝ ප්‍රදේශවල ජනතාව සහ සතුන් දැඩි පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දුණි.

පොළොන්නරුවට මාස 4ක් පුරා පවතින වැසි රහිත කාලගුණය හේතුවෙන් වැලිකන්ද ප්‍රදේශයේ ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති. මෙරට ගැඹුරුම වැව ලෙස සැලකෙන පොළොන්නරුව ගිරිතලේ වැවේද ජල මට්ටමද අක්කර අඩි 9580 ක් දක්වා පහළ බැස තිබේ.

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාවය ද මේ වනවිට පහත බැසීමත් සමඟ එකල පරාක්‍රමබාහු රජතුමා ඉදිකරන ලදැයි සැලකෙන සීත මාලිගාවේ නටඹුන් මතුව ඇති බව වැඩිදුරටත් සඳහන්ය.

END/MMP/06092026

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *