තලෙයිමන්නාරම මුහුදු ප්රදේශයේ අතරමංව සිටි තවත් තිදෙනෙකු නාවික හමුදාව මුදාගනී
ශ්රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (05) තලෙයිමන්නාරමට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ සිදු කළ මුර සංචාරයකදී, වැලිපරයක අතරමංව සිටි පුද්ගලයන් තිදෙනෙකු නිරුපද්රිතව මුදා ගැනීමට කටයුතු කළ බව නාවික හමුදාව සඳහන් කරයි.
මුදාගත් පිරිස දකුණු ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් පැමිණ ඇති බවට කරුණු අනාවරණය වී ඇති අතර, ඔවුන් අතර පියෙකු සහ වයස අවුරුදු 11ක් හා 13ක් වන ඔහුගේ දරුවන් දෙදෙනෙකු සිටින බව නාවික හමුදාව පවසයි. මෙම මෙහෙයුමත් සමඟ නාවික හමුදාව විසින් ඊයේ දිනය තුළ ළමුන් පස්දෙනෙකු, කාන්තාවන් සිව්දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 11 දෙනෙකුට සහන සැලසීමට කටයුතු කර තිබේ.
එම පුද්ගලයන් ඉදිරි නීතිමය හා පරිපාලන කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතව ඇත.
