එජාපයේ 80 වැනි සංවත්සර සැමරුම අද!

එක්සත් ජාතික පක්ෂයේ 80 වැනි සංවත්සර සැමරුම අදට (06) යෙදී තිබෙන අතර, එම සැමරුම් වැඩසටහන පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැත්වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව අද පෙරවරු 9.00ට පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මෙම සංවත්සර සැමරුම පැවැත්වෙන බව එම පක්ෂය සඳහන් කළේය.

1946 වසරේ සැප්තැම්බර් මස 6 වැනිදා කොළඹ ෆාම් කෝට් මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරණු ලැබුුුණි.

එහිදී පක්ෂ නායකයා ලෙස ඩී.ඇස්. සේනානායක මහතාද ලේකම් ලෙස එච්.ඩබ්ලිව්. අමරසූරිය සම භාණ්ඩාගාරිකවරු වශයෙන් මුස්ලිම් සිටුවරයෙකු හා සමාන ශ්‍රීමත් රාසීක් ෆරිඩ් මහතාද ජේ.ආර්. ජයවර්ධන මහතාණන් සමඟ තේරි පත් වූ බව පක්ෂ තොරතුරු සදහන් කරයි.

තවද, පක්ෂයේ වර්ණය ලෙස හරිත වර්ණයත් සලකුණ ලෙස ගොඩබිම වෙසෙන විශාලතම සත්වයා වූ අලියාත් තෝරාගත් ගනු ලැබූ බව සදහන් කරයි.

1946 පක්ෂ ආරම්භයේ සිට මේ දක්වා ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස වැනි දැවැන්ත නායකයින් රැසක් පක්ෂ නායකත්වයේ කටයුතු කළ අතර රණසිංහ ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් පසු  රනිල් වික්‍රමසිංහ මහතා මේ දක්වා පක්ෂ නායකත්වයේ කටයුතු මෙහෙයවනු ඇත.

END/MMP/06092026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *