කෘතිම බුද්ධිය ගැන වඳුරඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කිරීමක් – දමිත් සඳනුවන් කීර්ති

වඳුරඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට කෘතිම බුද්ධියෙතාක්ෂණයෙන් බලගැන්වීමේ අරමුණින් කෘතිම බුද්ධි තක්ෂණය පිළිබඳ පුහුණු වැඩසටහනක් මෙම මස 02 දින දවස පුරා කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මේ සඳහා සියයකට අධික කාර්යාල නිළධාරීන්ගේ සක්‍රීය සහභාගීත්වය පැවති අතර ඒදිනෙදා සිදු කරන රාජකාරී කටයුතු සඳහා කෘතිම බුද්ධි තාක්ෂණය ඵලදායීව යොදා ගන්නා අකාරය ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමගින් දැනුවත් කරන ලදි.

ඒහිදී දැන්වීම් සකස් කිරීම/ ව්‍යාපෘති වාර්තා සකස් කිරීම/ චක්‍රලේඛ ගොණු සාරාංශකරණය/ වැඩසටහන් සංවිධානය/ ඉදිරිපත් කිරීම් සකස් කිරීම/ ප්‍රතිපෝෂණ, ප්‍රතිචාර ලබාගැනීම වැනි කාරණා වලට කෘතිම බුද්ධි භාවිතය පිළිබඳව Google Gemini/ note book/ Veo 0.3/ Grok AI වැනි කෘතිම බුද්ධි මෙහෙයුම් පද්ධති මඟින් දැනුවත් කරන ලදි.

වඳුරඹ ප්‍රාදේශීය ලේකම් ඒස්. ඒ්.ඒම්. නස්ලි මහතාගේ මග පෙන්වීම අනුව සහ සහකාර ප්‍රාදේශීය ලේකම් කේ.ඒල්. අරුණි ප්‍රබෝධා මෙනවියගේ හා පරිපාලන නිලධාරීනී සී. ඩී. මල්වත්ත මහමියගේ මෙහෙයවීමෙන් කාර්යාලීය ආයතන අංශය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පුහුණු වැඩසටහන් යටතේ මෙය සංවිධානය කළ තිබිණි.

මෙම වැඩසටහන සඳහා මාතර මහනගර සභාවේ වැඩසටහන් නිලධාරී ජී.සුසන්ත කුමාර මහතා සම්පත් දායකත්වය ලබාදෙන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *