වසරේ දෙවන කාර්තුවට නොරෝච්චෝල බලා‍ගාරයට ගල් අඟුරු රැගෙන එන ප්‍රථම නෞකාව පුත්තලමට ළගා වෙයි

මෙම වසරේ දෙවන කාර්තුවට නොරෝච්චෝල ලක්විජය බලා‍ගාරයට ගල් අඟුරු රැගෙන එන ප්‍රථම නෞකාව පුත්තලමට ළගා වෙයි.

බලශක්ති, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (04) උදෑසන ගල් අඟුරු තත්ත්වය පිළිබඳ සොයා බැලීමට ලක් විජය බලාගාරයට පැමිණියේය.

මේ වන විට IVS TRADER නෞකාව පුත්තලමට පැමිණ ඇත. අදාළ ආයතන සමඟ සිදු කරන තත්ත්ව කටයුතු කඩිනමින් අවසන් කර අද පස්වරුවේදී ‍ගල් අඟුරු ගොඩබෑම ආරම්භ කිරීමට නියමිතය.

ඉදිරි සුළු දින ගණනකට නොරොච්චෝලේ බලාගාරය සතුව ගල් අඟුරු තිබෙන බව අමාත්‍යවරයා විසින් නිරීක්ෂණය කරන ලදී.

ලක්විජය බලාගාරයේදී, මාණ්ඩලික සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය හමු වූ අමාත්‍යවරයා මෙම දුෂ්කර අවස්ථාවේදී ආයතනයට, රටට ආදරය කරමින් තම රාජකාරී කටයුතු ඉටු කරන සියලුම දෙනාට සිය ප්‍රණාමය පුද කර සිටියේය.

END/GONP/MMP/04092026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *