පොළොන්නරුව කොටලීය පාලමේ ඉදිකිරීම් ලබන වසරේ අප්රේල් වන විට අවසන් කිරීමට සැලසුම්
පොළොන්නරුව දිස්ත්රික්කයේ දිඹුලාගල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මරදන්කඩවල – හබරණ – ත්රිකුණාමඩු ප්රධාන මාර්ගයේ අංක 82/3 ලෙස ස්ථානගතව ඇති කොටලීය පාලමේ ඉදිකිරීම් මේ වන විට කඩිනමින් සිදු කෙරෙමින් පවතින බව ප්රවාහන අමාත්යාංශය සඳහන් කරයි.
පාලමේ පැවැති පටු ස්වභාවය හේතුවෙන් පසුගිය කාලය තුළ අනතුරු කිහිපයක් වාර්තා වී ඇති අතර, 2022 වසරේදී මගී බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මීටර් 13.4ක පළලකින් සහ මීටර් 60ක දිගකින් යුත් නව කොන්ක්රීට් පාලමක් ලෙස කොටලීය පාලම යළි ඉදිකිරීමට තීරණය කර ඇති අතර, ඒ සඳහා වැය වන මුදල රුපියල් මිලියන 251කි.
මේ වන විට ව්යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවලින් සියයට 75ක් පමණ අවසන් කර ඇති අතර, ලබන වසරේ අප්රේල් මාසය වන විට ඉදිකිරීම් සම්පූර්ණ කර ජනතා අයිතියට පත් කිරීමට සැලසුම් කර තිබේ.
