සේවක අර්ථසාධක අරමුදලට අත තියන්න එපා ගාල්ලේ අත්පත්‍රකා බෙදාහැරීමක්. – දමිත් සඳනුවන් කීර්ති

රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත සේවක අර්ථ සාධක භාරකාර අරමුදලේ පාලන ව්‍යුහය හා එහි අරමුදල් අවභාවිත කිරීමට උත්සාහ දරන බව පවසමින් ඊට එරෙහිව ස්වාධීන වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුව විසින් ජනතාව දැනුවත් කිරීමේ අත්පත්‍රකා බෙදාහැරීමේ වැඩසටහනක් (02දා) සවස මෙසේ ගාල්ල දුම්රිය පොළ ඉදිරියේදී සිදුවිය.

මෙහිදී ගාල්ල දුම්රිය ස්ථානයේ සහ ඒ අවට ජනතාව දැනුවත් කිරීම සහ අත්පත්‍රකා බෙදාදීම සිදුවූ අතර මෙම වැඩසටහනට දක්ෂිණ ශ්‍රමික සංවිධානය,කොග්ගල වෙළෙඳ කලාපය නියෝජනය කරනා වෘත්තීය සමිති,ගාල්ල දිස්ත්‍රික් මානව හිමිකම් සහ ප්‍රථමාධාර මධ්‍යස්ථානය ඇතුළු වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *