ඉමදූව ප්‍රාදේශීය සභා ආදාහනගාරයේ ඉදිකිරීම් ඇරඹේ – දමිත් සඳනුවන් කීර්ති
ඉමදුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අලුතින් ඉදිකෙරෙන නව ආදාහනාගාරයේ ඉදිකිරීම් කටයුතු (02දා) ජලජ හා ධීවර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙසේ ආරම්භ විය.
මෙම උ
ත්සව අවස්ථාව සඳහා ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ළහිරු හෙට්ටිආරච්චි මහතා ඇතුළු මන්ත්‍රිවරුන් , දකුණු පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතා , ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහකාර ප්‍රාදේශීය ලේකම් අමාලි අබේසේකර මහත්මිය ඇතුළු නිලධාරී, වෙළෙඳ ප්‍රජාව ඇතුළු ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.
